ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව හා සාමය වෙනුවෙන් ලංකාව කැප වෙනවා

  👤  1375 readers have read this article !
By mawbima 2017-04-13

ශ්‍රී ලංකාව සෑම විටම සාමය හා ආරක්ෂාව වෙනුවෙන් කැපවී ක්‍රියාකරන බැවින් කිසිදු ආකාරයක හමුදාමය ක්‍රියාදාමයන්ට සහයෝගයක් හෝ ඉඩකඩක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා එසේ සඳහන් කළේ ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජපාන කැබිනට් ලේකම් යොෂිහදෙ සුගා මහතා සමඟ පැවැති සාකච්ඡාවකදීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉහත සඳහන් කළේ ඉන්දීය සාගර කලාපයේ නිදහස් නාවුක ගමනාගමනය සහ සමුද්‍ර ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් සාකච්ඡා වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන කාර්යයන් සඳහා සම්බන්ධීකරණ කටයුතු කරලීමට ජපානයේ විශේෂ නියෝජිතයෙක් පත් කරන බව ජපාන කැබිනට් ලේකම් යොෂිහදෙ සුගා (ඩ්ධද. කධඵඩඪඩඪඤඥ ඉභඨච) මහතා පැවැසීය.
ඊයේ (12දා) පෙරවරුවේ ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවකට සහභාගි වෙමින් සුගා මහතා වැඩිදුරටත් පැවැසූයේ මේ සඳහා ජපාන අග්‍රාමාත්‍ය උපදේශක ආචාර්ය හිරොතො ඉසුමි (ච්ප. ඩ්ඪපධබධ ධ්ලභථඪ) මහතා පත්කිරීමට ජපාන රජය ක්‍රියාකරන බවය.
ඉන්දීය සාගරය ආශි්‍රත රටවල එකමුතුවෙන් ඉන්දීය සාගර සමුළුවක් පැවැත්වීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව වික්‍රමසිංහ මහතා පැවැසීය. ඉන්දීය සාගර කලාපයේ සාමය හා ආරක්ෂාව සම්බන්ධයෙන් පොදු එකඟත්වයන්ට එළැඹීමට එමඟිින් හැකි වන බවට විශ්වාස පළ කෙරිණි.

ශ්‍රී ලංකාවේ රූපවාහිනි ඩිජිටල්කරණය සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු කර ගැනිණි. ඩිජිටල්කරණ ක්‍රියාවලිය කඩිනම් කරලීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

2025 වසරේ එක්පෝ ප්‍රදර්ශනය ජපානයේ ඕසකා නුවර පැවැත්වීම සඳහා ජපාන කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බව පැවැසූ සුගා මහතා ඒ සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය අපේක්ෂා කරන බව සඳහන් කළේය. ඒ සඳහා පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකාව සූදානම් බව වික්‍රමසිංහ මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon