නියඟයට වගා අත්හළ ගොවියන් අලුත් අවුරුද්දේ කොට උඩ

  👤  1401 readers have read this article !
By mawbima 2017-04-13

පණ්ඩුක සමරසේකර

පසුගිය කාලයේ පැවැති නියං තත්ත්වය හේතුවෙන් වගාවන් අත්හැර දැමූ ගොවීන්ගේ අතමිට හිඟ වීම නිසා මේ උත්සව සමයේ ගොවි ජනපද ආශි්‍රත අත්‍යවශ්‍ය භාණ්ඩවල අලෙවිය පසුගිය වසරවලට සාපේක්ෂව සියයට හතළිහකින් පමණ පහළ ගොස් ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්නන්ගේ සංගමය ප්‍රකාශ කරයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා පවසන ආකාරයට උත්සව සමයේදී කරන ලද වෙළෙඳපළ විශ්ලේෂණවලට අනුව අල, ලොකු ලූනු, සහල්, පරිප්පු, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක අලෙවිය පහළ ගොස් ඇති ආකාරය නිරීක්ෂණය කොට තිබේ. තොග මිල රුපියල් 72ක් ලෙස සඳහන් ලොකු ලූනු කිලෝව රුපියල් 65කටද, රුපියල් 151ක් වන පරිප්පු කිලෝව රුපියල් 135 දක්වාද මිල පහත දැමුවද අලෙවිය පහළ වැටී ඇති බවද ප්‍රකාශ කළේය.

වෙනත් වසරවලදී අවුරුදු සමයේ ලොකු ලූනු කන්ටේනර් 600ක් පමණ අලෙවි වන නමුදු මෙවර එය 400 දක්වා අඩුවී ඇතැයිද සුදුලූනු කන්ටේනර් 30ක් පමණ අලෙවි කරන නමුත් මෙවර එය 20 දක්වා අඩුවී ඇති බවද හේමක ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon