වැස්ස සමඟ ආ තද සුළඟින් නිවාසවලට සහ රථ වාහනවලට දැඩි හානි

  👤  1365 readers have read this article !
By mawbima 2017-04-13

අනුරාධපුර _ මහේෂ් විජේසූරිය

අධික වර්ෂාව සමඟ, අනුරාධපුර නගරය හරහා හමා ගිය තද සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීමෙන් නිවාස වෙළෙඳසැල් හා රථ වාහන තුනකට බරපතළ අලාභහානි සිදුවී පුද්ගලයන් හය දෙනකු තුවාල ලබා තිබේ.
අනුරාධපුර හරිස්චන්ද්‍ර මාවතේ තිබූ විශාල ප්‍රමාණයේ කීරිය ගසක් කඩා වැටීමෙන් කුඩා ලොරි රථයක් හා ත්‍රිරෝද රථ දෙකකට බරපතළ අලාභහානි සිදුව තිබුණු අතර අනතුරින් ලොරි රථය චප්ප වී ගොස් තිබිණි.

ගස කඩා වැටෙන අවස්ථාවේ එක් ත්‍රිරෝද රථයක සිටි මවක හා කුඩා දියණියක ඉන් පිටතට පැන දිවි බේරාගෙන ඇතත් ඔවුන් දෙදෙනාට සුළු සිරීම් තුවාල සිදුව තිබේ. විශාල ගසා කඩා වැටීමෙන් හරිස්චන්ද්‍ර මාවතේ ගමනාගමනයට පැය හතරක පමණ කාලයක් බාධා එල්ල වූ අතර අනුරාධපුර මහ නගර සභාවේ නිලධාරීන් හා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීහූ එක්ව ගස කපා ඉවත් කිරීමට කටයුතු කළහ.
අනුරාධපුර මූලස්ථාන පොලිසිය ආසන්නයේ පිහිටි වටරවුම ආසන්නයේ සවිකර තිබූ විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් නගරයේ දැඩි මාර්ග තදබදයක්ද ඇතිවිය. අනගාරික ධර්මපාල මාවත හරහා විශාල ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේද විශාල වාහන තදබදයක් ඇතිවී තිබිණි. විදුලි රැහැන් මතට විශාල ගස් කඩා වැටීමෙන් නගරයේ විවිධ ස්ථානවල විදුලිය විසන්ධි වී තිබිණි.

හමා ගිය තද සුළං තත්ත්වය නිසා අනුරාධපුර මාතලේ හන්දිය ප්‍රදේශයේ නිවෙසක් මතට විශාල කොස් ගසක් කඩා වැටීමෙන් නිවෙසට බරපතළ අලාභහානි සිදුව ඇත. අනුරාධපුර නගරයේ පිහිටි වෙළෙ¼දසල් කිහිපයක වහල ගැලවී යෑමෙන් එම වෙළෙඳසල් තුළ තිබූ භාණ්ඩ රැසකටද හානි සිදුවී තිබිණි. ඒ හේතුවෙන් පුද්ගලයන් සිවු දෙනකු තුවාල ලබා තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon