ආධුනික ගායකයකු ගී ගයමින් සිටියදීම අවසන් ගමන් යයි

  👤  1574 readers have read this article !
By mawbima 2017-04-13

අඹන්පොළ - ශ්‍රී මනී විජේරත්න

රාත්‍රියේදී පැවැති ආධුනික ගීත ප්‍රසංගයක් අතරතුර ගී ගයමින් සිටි තිදරු පියකු වේදිකාව මතම පිටුපසට ඇද වැටීමෙන් මියගොස් ඇතැයි අඹන්පොළ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අඹන්පොළ, අබකොළවැව පදිංචි 58 වියැති ඒ. චවලට් අබේසිංහ යන අයයි. රාත්‍රි 11ට පමණ මේ සිදුවීම සිදුව ඇතැයි පැවැසේ.
අබකොළවැව "දීප්ති" අවමංගල්‍යාධාර සමිතියට ආධාර ලබාගැනීමේ අරමුණින් මේ ආධුනික ගීත ප්‍රසංගය පවත්වා ඇත. මියගිය චවලට් මහතාද එම සමිතියේ සාමාජිකයෙකි. අබකොළවැව පොදු ක්‍රීඩාංගණයේදී පැවැති මේ ගී ප්‍රසංගයේ ගීතයක් ගායනා කිරීමට වේදිකාව මතට ගොඩවූ ඔහු ගීතයේ පද පේළි දෙකක් පමණක් ගායනා කරන විට වේදිකාව මත පිටුපසට ඇද වැටී ඇත.

චවලට් මහතා අඹන්පොළ රෝහලට රැගෙන යනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon