ටොනේඩෝවකින් මැදිරිගිරිය සහ හිඟුරක්ගොඩ නිවාස කිහිපයකට හානි

  👤  1390 readers have read this article !
By mawbima 2017-04-13

කදුරුවෙල _ විපුල් ප්‍රියන්ත

මැදිරිගිරිය සහ හිඟුරක්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි ගම්මාන දෙකකට අයත් නිවාස 18කට ඉකුත්දා පස්වරු 4.45ට පමණ හමාගිය තද සුළං තත්ත්වයක් නිසා හානි සිදුවී ඇත. පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරන අන්දමට මැදිරිගිරිය, වෙඩිකච්චිය ග්‍රාම නිලධාරි වසමේ පිහිටි නිවාස 17කට සහ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොටසේ සිංහාගම ග්‍රාම නිලධාරි වසමේ එක් නිවෙසකටද මෙසේ හානි සිදුව තිබේ.

මැදිරිගිරිය, වෙඩිකච්චිය ගම්මානයේ සිදුවූ නිවාස හානිවලදී එක් නිවැසියකු තුවාල ලබා තිබෙන බවද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේය. එම ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා ප්‍රකාශ කළේ ටොනේඩෝ සුළං තත්ත්වයක් පැවැතීම නිසා ඉකුත් 11 වැනිදා සවස මෙසේ නිවාසවලට හානි සිදුව තිබෙන බවයි. මේ නිවෙස් හානි හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයන් සංඛ්‍යාව 70ක් බවද පැවැසේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon