මාර්තු මාසයේ සංචාරකයන් අඩුයිලු

  👤  1367 readers have read this article !
By mawbima 2017-04-13

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

වසංගත රෝග අවදානම සහ මෙරට ප්‍රධානතම ගුවන් තොටුපළ වන කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ ධාවන පථය නවීකරණය කිරීම හේතුවෙන් මාර්තු මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව අඩුවී ඇති බව සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ දත්ත සටහන්වලට අනුව 2017 මාර්තු මාසයේදී මෙරටට පැමිණ ඇති සංචාරකයන්ගේ සංඛ්‍යාව 1,88,076ක් පමණ වන අතර පසුගිය වසරේ මාර්තු මාසයේදී එම සංඛ්‍යාව 1,92,841 ලෙස වාර්තා වී ඇති බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මේ වර්ෂයේ මාර්තු මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 2.5කින් පහළ ගොස් තිබේ.
2017 ජනවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් සියයට 12.9කින් වර්ධනය වී තිබුණු අතර පෙබරවාරි මාසයේදී එම සංඛ්‍යාව සියයට 0.1කින් පහළ ගොස් ඇත. මාර්තු මාසයේදී වැඩියෙන්ම සංචාරකයන් පැමිණි රටවල් ලෙස වාර්තා වන්නේ ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය හා ප්‍රංශය යන රටවල්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon