බඩල්ගම නිවෙසක 68 හැවිරිදි කාන්තාවක් බෙල්ල කපා මරා දමලා

  👤  1324 readers have read this article !
By mawbima 2017-04-13

කටුනායක - ලක්මාලි මුතුකුඩ
මිනුවන්ගොඩ - අතුකෝරල

කටුනායක කටුකෙන්ද බඩල්ගම නොයිඩ් මේඩ් ජනපදයේ නිවෙසක ඊයේ උදෑසන තියුණු ආයුධයකින් ගෙල කපා කාන්තාවක් ඝාතනය කර තිබේ.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ නොයිඩ් මේඩ් ජනපදයේ නො. 82 නිවෙසේ ජීවත් වූ අවු. 68 හැවිරිදි මිලි මාග්‍රට් නමැති කාන්තාවකි.
මෙම කාන්තාව ඊයේ උදෑසන නිවෙසේ තනිවම සිට ඇති අතර එම අවස්ථාවේ මෙම ඝාතනය සිදුවී ඇති බව වාර්තා වේ. මියගිය කාන්තාවගේ දුව සහ පුතා දේවාලයකට ගොස් නිවෙසට ආපසු පැමිණි අවස්ථාවේ නිවෙසේ මුළුතැන්ගෙයි මියගොස් සිටින මව දැක ඒ පිළිබඳ කොටදෙනියාව පොලිසියට පැමිණිලි කර තිබේ. මුදල් කොල්ලයක් සඳහා පැමිණි අවස්ථාවේ එය මව දුටු නිසා මෙම ඝාතනය සිදුකර සැකකරුවන් පලාගොස් ඇති බවට පොලිසිය සැක කරයි.
කොටදෙණියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon