අකුණු සර වැදී අම්බලන්තොට නිවාස දෙකකට බර හානි

  👤  1333 readers have read this article !
By mawbima 2017-04-13

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

අම්බලන්තොට කොග්ගල්ල වරාගොඩ ප්‍රදේශයේ නිවාස දෙකකට අකුණු සැර වැදීමෙන් එම නිවාස දෙකෙහි වහලට දැඩි අලාභහානි සිදුවී තිබේ.
පෙරේදා (11දා) සවස අම්බලන්තොට ප්‍රදේශයට ඇතිවූ වර්ෂාවත් සමඟ මෙම අකුණු සැර වැදීම සිදුවී ඇත. අකුණු සැර වදින අවස්ථාවේ එක නිවාසයක නිවැසියන් සිට නැත.
අකුණු සැර වැදීමෙන් හානියට පත් අනෙක් නිවෙසේ කුඩා ළමයි දෙදෙනකු සමඟ නිවැසියන් සිට ඇත. ඔවුන් ප්‍රකාශ කළේ වර්ෂාව සමඟ එකපාරට ඇතිවූ ශබ්දයක් සමඟ තමන් දරුවන්ද කැටුව නිවෙසින් පිටතට දිව ගිය බවත් පසුව බලන විට තම නිවෙසට අකුණු සැර වැදී හානි වී තිබෙනු දුටු බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon