ක්‍රිස්ටල් පැලස් හමුවේ ආසනල් යටවෙයි

  👤  1431 readers have read this article !
By mawbima 2017-04-13

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායමක් ලෙස සැලකෙන ආසනල් කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පරාජයට පත් කළ ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම පසුගිය සතියේදී පැවැති තරග අතරින් වඩාත් පෙරළියක් සිදුකළ කණ්ඩායම බවට පත්විය.
එහිදී ඇන්ඩේ‍රා්ස් තවුන්සෙන්ඩ්ස් තරගයේ 17 වැනි විනාඩියේදී ලබාගත් ගෝලය හේතුවෙන් 1-0ක් ලෙස ඉදිරියෙන් සිටි ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම දෙවැනි භාගයේදී අපහසුවෙන් තොරවම තමන්ගේ ජයග්‍රාහී බව සුරැකිව ආරක්‍ෂා කරගැනීමට තරගයේ 63 වැනි විනාඩියේදී යොහාන් කැබෙයස් හා 68 වැනි විනාඩියේදී ලුකා මිලිවොජෙවික් ලබාගත් ගෝල බෙහෙවින් උපකාර වී තිබිණි.

මේ අතර පසුගිය සතියේදී පැවැති අනෙක් තරගවලදී මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ගෝල 3-0ක් ලෙස සන්ඩර්ලෑන්ඩ් කණ්ඩායමත්, එවර්ටන් කණ්ඩායම ගෝල 4-2ක් ලෙස ලිසෙස්ටර් සිටි කණ්ඩායමත් පරාජය කිරීමට සමත්විය. ඒ අනුව එවර්ටන් හා ලිසෙස්ටර් තරගයේදී එවර්ටන් කණ්ඩායමේ රැමෙලූ ලුකාකා ද්විත්ව ගෝල ලබාගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමද විශේෂත්වයකි.

සටහන _ විචිත්‍ර වීරසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon