ඡන්ද ප්‍රමාදයට අමාත්‍යාංශයයි කොමිසමයි වගකිව යුතුයි

  👤  1584 readers have read this article !
By mawbima 2017-04-16

ජේ.ටී. ද සිල්වා

තපළාත් පාලන ඡන්ද විමසීම විවිධ හේතු දක්වමින් ප්‍රමාද කිරීමට...පළාත් පාලන අමාත්‍යාංශයත් මැතිවරණ කොමිෂන් සභාවත් සම්පූර්ණයෙන්ම වගකීම භාරගත යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන "මව්බිම"ට පැවැසීය.
පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරීන් දක්වන හේතු වලට යට වී සිටිනවාට වඩා මැතිවරණ කොමිසම තමන්ගේ බලතල ක්‍රියාත්මක කිරීම වඩා උචිත යැයි දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම වැනි කොමිෂන් සභා ක්‍රියාත්මක වෙද්දී මැතිවරණ කොමිසම මේ අන්දමින් කටයුතු කිරීම කනගාටුවට කරුණක් බවද හෙතෙම සඳහන් කළේය.

පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීම සිදුකර එම ආයතන ස්ථාපිත කිරීම මේ අන්දමින් ප්‍රමාද කිරීම නිසා මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ආඥා පනත් උල්ලංඝනය කරමින් නිලධාරීන් මහජන මුදල් හිතුමතේට නීති විරෝධී අන්දමින් වියදම් කරන බව මන්ත්‍රිවරයා සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණ පැවැත්වීම මේ අන්දමින් නොයෙක් හේතු දක්වමින් ප්‍රමාද කරන බවත් ඒ ඒ පළාත් පාලන ආයතන සඳහා තෝරා පත් කරගත යුතු සභික සංඛ්‍යාව ප්‍රකාශයට පත් කෙරෙන ගැසට් නිවේදනය පවා නිකුත් කිරීම දිනෙන් දින ප්‍රමාද කෙරෙන බව පෙන්වා දුන් දිනේෂ් ගුණවර්ධන මහතා මේ අන්දමට පළාත් පාලන මැතිවරණය කවදා පැවැත්වේවිද යන්න නිශ්චිතව සිතා ගත නොහැකි බවද පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon