සයිටම් විරෝධීන්ගේ මීළඟ පියවර අවුරුද්දෙන් පසු

  👤  1630 readers have read this article !
By mawbima 2017-04-16

අනුරාධා හේරත්

සයිටම් අර්බුදය ගැන රජයේ නිවැරැදි නොවන පිළිවෙතට දිය යුතු හොඳම පිළිතුර තෝරා ගැනීමට අවුරුදු නිවාඩුව නිමවූ වහාම ආදාළ පාර්ශ්ව සමඟ විශේෂ සාකච්ඡාවක් සිදුකරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය අවධාරණය කරයි.
එම මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත පැවැසුවේ සයිටම් ආයතනය අහෝසි කිරීමට ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ග කෙළවර වන්නේ දැවැන්ත වැඩවර්ජනවලින් පමණක් බවයි.

සයිටම් ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීළඟට ගන්නා ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සිදුකරන අතර ඊට තම වෘත්තීය සමිති සියල්ල සහභාගි වන බවත් ලාල්කාන්ත මහතා පවසයි.
ඒ මහතා පවසන්නේ එළැඹෙන මැයි 01 දිනට ප්‍රථමයෙන් අදාළ සාකච්ඡා හා තීන්දු තීරණ ගැනීමට තම වෘත්තීය සමිති සූදානම් බවය.
මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නවීන්ද සොයිසාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ සයිටම් සම්බන්ධව රජය පිළිගත් ස්ථාවරය වහාම ශේ්‍රෂ්ඨාධිකරණයට හා නීතිපතිවරයාට දැනුම් දීම මුලින්ම කළ යුතු බවයි.

රෝගී ජනතාව අපහසුතාවට පත්වීමේ වැඩවර්ජන කිරීමට සිදුවන්නේද රජයේ පැහැදිලි ස්ථාවරයක් සයිටම් සම්බන්ධව ලබා නොදීම නිසා බවත් රජය තවදුරටත් දක්වන නිහඬ පිළිවෙත වෙනස් කිරීමට නම් මහා වැඩවර්ජනයක් ආරම්භ කළ යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon