හිටි ගමන් දාල ගිය ජීවිතේ සහකරු හැරෙන තැපෑලෙන් ගෙන්නපු කාලි මෑණි බල මහිමය

  👤  1691 readers have read this article !
By mawbima 2017-04-16

කාලි මෑණියන්ගේ කුලුණුබර නෙත සියලු සත්ත්වයන් කෙරෙහි යොමුවෙයි. අහිංසක, අසරණ, නිර්දෝෂී මිනිසුන්ට ඇය පිහිට වෙන්නේ දයාබර මවක විලසිනි. තම පාමුල මත ඇද වැටී තමන්ට සිදුවී ඇති අසාධාරණය, දුක කියන අයට කාලි මෑණියෙන් අනිවාර්යයෙන්ම පිහිට වෙයි. ජාති, කුල, ආගම් භේදයෙන් තොරව කාලි අම්මා සියල්ලන්ටම පිහිට වෙයි. එසේ මෑණියන්ගෙන් පිහිට ලබාගත් බැතිමතුන් "අම්මා"ට කෘතගුණ දක්වන්නේ නිතර නිතර කෝවිලට විත් පූජෝපහාර දැක්වීමෙනි.
ශ්‍රී අම්මන් කෝවිලට අප යන විට එම භූමිය බැතිමතුන්ගෙන් පිරී පැවතිණි. එහි සිටි එක් කාන්තාවක හා අපි කතාවට වැටුණෙමු. මේ එම කාන්තාව අපට කී කතාවය.
"මම කාලි මෑණියන් සොයාගෙන ආවේ "ඉරිදා මව්බිම" පත්තරේ පළවුණු ලිපියක් දැකලා. මම විස්තර හොයාගෙන හලාවත, සේදවත්තේ ශ්‍රී අම්මන් කෝවිලට ආවා. ඇවිත් මහේන්ද්‍රසාමිට මගේ දුක කිව්වා."

ඇය මුහුණ පෑ කරදරය ගැන අපි ඇගෙන් විමසුවෙමු.
"මගේ මහත්තයා මැරුණා. මට දරුවො දෙන්නෙක් ඉන්නවා. මහත්තය මැරුණට පස්සේ මම හරිම අමාරුවෙන් ජීවත් වුණේ. එහෙම ඉන්න කොට මගේ ජීවිතයට කෙනෙක් ළං වුණා. මහත්තයා මැරුණට පස්සේ මමත් දරු දෙන්නත් එක්ක කිසිම හව්හරණක් නැතිව සිටි නිසා එයාට කැමැත්ත දුන්නා. එයා මට හරිම ආදරෙන් මාවත් දරුවන්වත් බලාගත්තා. හැබැයි අපි නීතියෙන් එක් වුණේ නෑ. මට ඒ ගැන හිතන්න ඕනෙකමක් තිබුණේ නෑ. එයා මට ආදරෙන් හිටියා. දරුවන්ගෙ දුක සැපත් සොයා බැලුවා. ඉතින් තව මොනවද..?

ඔහොම ඉන්නකොට එයා එයාගේ අම්මා සහෝදර සහෝදරියෝ බලලා එන්න කියලා ගියා. ගියා ගියාමයි ආවේ නැ. ඉතින් මාස හයක් ගතවුණා කිසිම තොරතුරක් නෑ. එයා කිව්වේ එයාගෙ ගෙවල් තියෙන්න ඇල්පිටියේ පැත්තෙ නාගොඩ කියලයි. මම ගිහින් සොයලා බැලුවා. අනේ, තොරතුරක් දැනගන්න නෑ. මට හරියට දුක හිතුණා. අගහිඟකම්ද වැඩිවුණා. මගේ ඥාති, මිත්‍රාදීන්ද මේ ගැන දුක් වුණා. ඔහොම ඉන්නකොට තමයි මගේ මිතුරියක් කිව්වේ "ඉරිදා මව්බිම" පත්තරේ කාලි මෑණියන්ගෙ අනුහස් ගැන සතිපතා ලිපි පෙළක් යනවා. ඒක බලලා එතැනට යන්න කියලා. එයා මට "ඉරිදා මව්බිම" පත්තරේ පළ වුණු ලිපියක්ද ගෙනැල්ලා පෙන්නුවා.
මම ඒ ලිපිය බලලා හිතේ විශ්වාසය තියාගෙන හලාවත, ශ්‍රී අම්මන් කෝවිලට ඇවිත් මහේන්ද්‍රසාමිට මගේ දුක කිව්වා. මම දුක කියනකොට මට නිකම්ම ඇඬුණා. මහේන්ද්‍රසාමි බොහෝම කරුණාවෙන් මාව සන්සුන් කළා.

පූජා වට්ටියක් මෑණියන්ට තියලා එතුමිය ඉදිරියේ දුක කියන්න කියලා සාමි මට කිව්වා. පූජා වට්ටිය පූජා කරලා හඬා වැළපෙමින් මම මගේ දුක කාලි මෑණියන්ට කිව්වා. මහේන්ද්‍රසාමි ස්තෝත්‍ර, මන්ත්‍ර කියමින් මං වෙනුවෙන් කාලි මෑණියන් ඉදිරියේ යාඥා කළා. දෙහි ගෙඩි කිහිපයක් කපලා, මගේ මුහුට පැන් ඉහලා, කහ නූලක්ද බැන්දා එහෙම කරලා සාමි මට කිව්වේ "දැන් යන්න අම්මා ඔබට පිහිට වේවි" කියලා.
මමත් හිත සැනසිල්ලෙන් දරුවන් දෙන්නත් එක්ක ගෙදර ගියා. මෙන්න පැයයි ගත වුණේ. මාස ගණනක් ගෙදරින් ගිහින් හිටිය ඔහු මගේ මොබයිල් ෆෝන් එකට කතා කළා. සතුට වැඩිකමට මට කතා කරගන්නත් බැරිවුණා. මට හොඳටම ඇඬුණා.

"මගේ අතින් වැරැද්දක් සිදුවුණේ. ඔයා අඬන්න එපා හෙටම මම ආයෙත් ගෙදර එනවා. ආයේ ඔයාව දාලා යන්නේ නෑ. සත්තයි. අපි ආයෙත් කලින් වගේම ආදරෙන් ජීවත් වෙමු. පසුගිය දවස්වල සිද්ධ වෙච්ච දේ මම ගෙදර ආපුවම ඔයාට කියන්නම්" කියලා එයා මට කිව්වා.
අනේ! මට සතුට ඉවසගන්න බැරිවුණා. මං පහුවදා පාන්දරම හලාවත ශ්‍රී අම්මන් කෝවිලට යන්න ඕනෑ කියලා හිතා ගත්තා. මේ ඇවිත් ඉන්නෙ ඒ ආපු ගමන් තමයි. මං එනකොට කෝවිලේ සෙනඟ පිරිලා. තවම මට මහේන්ද්‍ර සාමිට මේ සිද්ධිය කියන්න බැරිවුණා. මේ ඉන්න සෙනග කන්දරාව නිසා"
අප පිළිබඳ විස්තර ඇය කිසිවක් නොදන්නීය. ඇය සිතාගෙන ඇත්තේ කාලි මෑණියන්ගේ යම් පිහිටක් බලාපොරොත්තුවෙන් අප කෝවිලට පැමිණ ඇති බවය. අපිද අප ගැන තොරතුරු ඇයට හෙළි නොකරන්නට වගබලා ගතිමු. සෙනඟ කෙමෙන් කෙමෙන් තුනී වූයෙන් ඇය මහේන්ද්‍රසාමි හමුවට ගියාය.
"සාමි මගේ මහත්තයා මට ඊයේ කෝල් එකක් දුන්නා. අද ගෙදර එනවා කිව්වා. අනේ! කාලි මෑණියෝ ඔබ වහන්සේට පින්. මතු බුදු බව ලැබෙන්න ඕනෑ. අපි වගේ අසරණයන්ට පිහිට වෙන එකට."

මහේන්ද්‍රසාමිගේ උපදෙස් අනුව ඇය මෑණියන්ට තවත් පූජා වට්ටියක් පුද කොට මහත්තයත් සමඟ ආපසු කෝවිලට එන බවට පොරොන්දු දී ගියාය.
"අසරණ අහිංසකයන්ට මෑණියන් සමහර වෙලාවට ඒ වෙලාවෙම පිහිට වන අවස්ථා තිබෙනවා. මේ සිද්ධියත් ඒ වගේ. මේ වගේ අසරණයන් ගැන මෑණියන් බලන්නේ ඉතා කරුණාවෙන්. එහෙම පිහිට ලබපු බැතිමතුන් සතිපතා හරි, මාස්පතා හරි, නැතිනම් ඉඩ ලැබුණු මොහොතක ශ්‍රී අම්මන් කෝවිලට ඇවිත් යන්න අමතක කරන්නේ නැහැ" මහේන්ද්‍රසාමි මෑණියන්ගේ පිළිරුව දෙස ඇසිපිය නොහෙළා බලා සිටිමින් අපට පැවැසීය.

නන්දන තෙන්නකෝන්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon