ශ්‍රී ලනිපයෙන් ගැලවෙන්න ජනාධිපතිතුමාට අපි ඉඩ දෙන්නේ නැහැ

  👤  3100 readers have read this article !
By mawbima 2017-01-12

පණ්ඩුක සමරසේකර

ඉදිරියේදී පවත්වන පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ සිදුවන බව කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

දෙදහස් විසි එක වර්ෂය දක්වා වර්තමාන ජනාධිපතිවරයාට බලයේ සිටීමට ජන වරමක් ලැබී ඇති බවත් එම කාලය තුළ පැවැත්වෙන සියලුම මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් නායකත්වය ලබා දෙන්නේ වර්තමාන ජනාධිපතිවරයා බවත් පැවැසූ අමාත්‍යවරයා ඊළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයා වන්නේද මෛත්‍රිපාල සිරිසේන මහතාම බවද ඊයේ (11දා) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම බල මණ්ඩලයේ ඒකමතික තීරණය මත ඉදිරි ජනාධිපතිවරණයේදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්‍ෂකයා වන්නේ ජනාධිපතිතුමා. මෙරට සුළු ජාතීන් අතර කීර්තිමත්ම ජන නායකයා වන්නේ වර්තමාන ජනාධිපතිතුමා. එතුමාගේ ඡන්ද පදනම ආරම්භ වන්නේ අන් අයට වැඩිය 27%ක ප්‍රතිශතයකින්. වෙන කිසිම නායකයකුට අපේ රටේ එම ඡන්ද පදනම නැහැ. ඒ නිසා පහසුවෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් ජනාධිපති අපේක්‍ෂකයා තමයි මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා. එතුමා කිසිම දවසක පක්‍ෂය හැර ගිය කෙනෙක් නෙවේ. මොන තරම් පීඩනයන් මැද්දේ වුවත් එතුමා පක්‍ෂයේ හිටියා. විධායක බලතල කිසිම දවසක එතුමා පාවිච්චි කළේ නැහැ. බැරුව නෙවේ නමුත් තමන්ගේ බලතල අඩුකරන්න කියලා ව්‍යවස්ථාවකුත් ගෙනාවා. සෑම කෙනකුටම සවන් දෙන නම්‍යශීලී ප්‍රතිපත්තියක් එතුමාට තියෙන්නෙ. ඒ නිසා සෑම කෙනකුගේම ආදරය, අවධානය දිනා ගැනීමේ පුදුම දක්‍ෂකමක් එතුමාට තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පමණක් නොවේ. සුළු ජාතික පක්‍ෂවල අයටත් එතුමාට සවන් දෙන්න පුළුවන්. ඔවුන් ළඟට සමීප වීමේ හැකියාවක් පක්‍ෂයේ අන් හැමටම වඩා එතුමාට තියෙනවා. ඒ නිසා එතුමාට සිද්ධ වෙනවා ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දයට ඉදිරිපත් වෙන්න. එයින් ගැලවෙන්න එතුමාට බැහැ.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මෙසේ පැවැසීය.

සීමා නිර්ණය කමිටු සංශෝධිත වාර්තාව 17 වැනි දින මා අතට පත් කරන බව කමිටු සභාපති අශෝක පීරිස් මහතා මට ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඉන් පසු එය ගැසට් කරනවා. සංශෝධන අභියාචනා තියෙනවා නම් ඊට පසු ඉදිරිපත් කරන්න පුළුවන්. අපි හිතනවා අප්‍රේල් මාසය පහුවෙලා පළාත් පාලන ඡන්දය තියන්න පුළුවන් වෙයි කියලා. මම විශාල ලෙස පීඩනයට පත් කළා මේ කමිටු වාර්තාව හේතුකොට ගෙන මම මොනවද කරන්නේ. අන්තිමට අශෝක පීරිස් මහත්මයා මාධ්‍යයට කීවා වුවමනාවෙන්ම කමිටු වාර්තාව පමා කරන්න කියලා මම එතුමාට උපදෙස් දුන්නා කියලා. මම එහෙම කළේ නැහැ. මම එතුමාගේ වයසට, දැනුමට, පළපුරුද්දට ගරු කරලා කිසිම දෙයක් එතුමාට විරුද්ධව කියන්න ගියේ නැහැ. කොටින්ම මම අදත් කියනවා සීමා නිර්ණ කමිටුවට මම කිසිම බලපෑමක් කළේ නැහැ. පසුගිය 28 වැනිදා මට සීමා නිර්ණ කමිටු වාර්තාව භාර දුන්නත් මම ඒක භාරගත්තේ නැහැ. දෙදෙනෙක් අස්සන් කරලා තිබුණෙ නැති නිසා. මම නීතිපති උපදෙස් ගත්තා මගේ වාසනාවටයි මම එදා වාර්තාව නොගෙන හිටියේ. භාර ගත්තානම් එයට විරුද්ධව මට අධිකරණයට පවා යන්නට සිදු වෙනවා.

මෙහිදී අදහස් දැක්වූ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජතමුණි සොයිසා මහතා මෙසේ පැවැසීය.

හම්බන්තොට සිද්ධියේදී ඇසින් දුටු සාක්ෂි මා ළඟ තියෙනවා. ඒ අවාසනාවන්ත සිද්ධිය වන විට මමත් එතන හිටියා. ගම්වල අහුමුලුවල ඉඳල උත්සව භූමියට කඩා වැදුණු පිරිස් වේදිකාවලට ගල්මුල්වලින් පහර දුන්නා. එය වළක්වන්න අපටත් ප්‍රතිප්‍රහාර දෙන්න සිද්ධ වුණා. ඉතින් මොනවා කරන්නද මිනිස්සු ටික දෙනෙක් කලබල වුණා කියලා රටක සංවර්ධනය නවත්තන්න බැහැනෙ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon