ආසියාවේ රිදී සීනුව නොවෙයි මේ ආසියාවේ මඩ සීනුව

  👤  2999 readers have read this article !
By mawbima 2017-01-12

'විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් නොවේ. යහපාලන ආණ්ඩුව අපි පිහිටුවූයේ රාජ්‍ය දේපොළ හොරා කෑ අය කවුරු වුණත් කමක් නෑ ඔවුන් නීතියේ රැහැනට ගෙන හොරකම් දූෂණ නැතිකර රට සංවර්ධනය කරන්න' යැයි සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කීය.

ඒ මහතා එසේ කීවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පෙරේදා ගම්පහ සණස වෝඩ් සිටි ආයතනය විවෘත කිරීමේ උත්සවයෙන් පසු මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය. නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.

විප්ලවවාදීන්ට හොරකම් කරන්න බෑ. චේ කියා තිබෙන්නේ විප්ලවවාදීන් හොරකම් කළ විට තුන් ගුණයකින් දඬුවම් වැඩිකළ යුතු බවයි.

විමල් කියන්නේ සීගිරි ගියේ නැති, බයිසිකලේට පෙට්රල් ගහන්න සල්ලි නැතිව සිටි කෙනෙක්. හෝකන්දර තට්ටු තුනේ බිල්ඩින් හදන්නේ කොහොමද? අවභාවිත කළේ බටහිර රටවල නිෂ්පාදනය කළ වාහන. මුස්ලිම් රටවල ඉන්ධන. හොරුන් අත්අඩංගුවට ගැනීම යහපාලනය දුන් පොරොන්දුවක්. විමල්ව අත්අඩංගුවට ගත් මොහොතේ ඔහුගේ හොරු රැළ විලාප දුන්නේ ආසියාවේ රිදී සීනුව කියලයි. ආසියාවේ රිදී සීනුව නොවේ ආසියාවේ මඩ සීනුව. ආසියාවේ රිදී සීනුව බණ්ඩාරනායක මහතායි.

මහින්ද රාජපක්‍ෂ රට බේරා ගත්ත කිව්වම ඒකට අපි විරුද්ධ නෑ. විමල් රට බේරගත්ත කිව්වම ඒකට අපි විරුද්ධයි. ඒක අසත්‍යයි. වාහන 41ක් මිලියන 91ක් වංචා කරපු අය. අපි කියන්නේ එෆ්.සී.අයි.ඩී. එක දිගටම පවත්වාගෙන යන්න කියලයි. අපේ අයත් හොරකම් කළොත් අපි නඩු දානවා. ඒකත් කළා. ජනතාවගේ බඩේ පටි තදකර ගන්න ජනතාවට පුළුවන් නම් අපිත් පටි තද කරගන්න ඕනෑ. ජනතාව සමඟ අපි ඉන්නවා. හොරුන්ට දූෂකයන්ට සමාව දෙන්න බෑ.

තමන්ගේ පවුලේ හිතවතුන්ට යාන වාහන නිවාස, ඉන්ධන ලබාදීමත් යන කරුණු මත ඔහුගෙන් ප්‍රශ්න කර අත්අඩංගුවට ගත්තේ. නීතිය ක්‍රියාත්මක කිරීම තුළින් ආණ්ඩුව කෙරෙහි ප්‍රගතිශීලී ජනතාව පැහැදී සිටිනවා.

එෆ්.සී.අයි.ඩී එක කරන්නෙ පළිගැනීමක් යනුවෙන් සඳහන් කරන්නේ නම් එය දිගටම පවත්වාගෙන යමින් අපේ ආණ්ඩුවේ හොරුන්ද අත්අඩංගුවට ගෙන සිරගත කළ යුතුයි. රන්ජන් රාමනායක වුවද හොරකමක් කළා නම් වහාම අත්අඩංගුවට ගෙන එෆ්.සී.අයි.ඩී.යට පමුණුවා දඬුවම් ලබාදීමට කටයුතු කළ යුතුයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්