හිඟුරක්ගොඩ අවුරුදු උළෙලකදී සුද්දන් දෙදෙනකු දඬුකඳේ ගහලා

  👤  2697 readers have read this article !
By mawbima 2017-04-21

හිඟුරක්ගොඩ - ප්‍රියා

හිගුරක්ගොඩ ප්‍රදේශයේ ඉකුත් 18 වනදා පැවැති අවුරුදු උළෙලකදී ජර්මන් ජාතික යුවළක් එම උත්සව භූමිය තුළ දඬුකඳේ ගසා තිබූ අයුරු දැකගත හැකිවිය.
අතීතයේ විවිධ දඬුවම් ක්‍රම අප රටේ පැවැතිණි. එම දඬුවම් නම් උල තැබීම, හිස ගසාදැමීම සහ දඬුකඳේ ගැසීම වැනි දඬුවම් විය. සුළු වරදකට වුවත් රටේ මහත්තයා හෙවත් කෝරල මහත්තයා ගම්මුලාදෑනියා විසින් තම බල ප්‍රදේශය තුළ වැසියකු කළ වරදකට දඬුකඳේ ගැසීම සිංහල රජ සමයේ සිට රට තුළ තිබිණ. අතීතය වෙනස් වෙමින් වර්තමානයේ දඬුකඳ ගම් තුළින් මෙන්ම රට තුළින්ද තුරන් වී ගොස්ය. සිංහල හින්දු අලුත් අවුරුදු සමයත් සමඟ රට පුරා පැවැත්වෙන අවුරුදු උත්සව තුළ පැරණි හෙළ ක්‍රීඩා මෙන්ම වර්තමානයේ දරු පරපුර සඳහා පැරැණි හෙළ සිරිතට විරිතට සේම අතීතයේ තිබූ දඬුවම් ක්‍රමයක් වන දඬුකඳද අවුරුදු උත්සව භූමියේ දක්නට හැකිවිය. එවැනි අවුරුදු උළෙලක් හිඟුරක්ගොඩ සහාස්‍රා ක්‍රීඩා සමාජය මඟින් පවත්වන ලද අතර අවුරුදු උත්සවය නැරඹීමට පැමිණි ජර්මන් ජාතික යුවළක් සිය කැමැත්තෙන් දඬුකඳේ ගසා ගැනීමක් දැකගත හැකිවිය. මෙම විදේශ යුවළ දඬුකඳේ ගසා ඇති අයුරු දැකබලා ගැනීම සඳහා ජනතාව වෙනත් තරග නැරඹීම මඳකට නවතා එම ස්ථානයේ සිටින අයුරුද දැකගත හැකිවිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්