මෝඩිගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර රනිල් ඉන්දියා සංචාරයක

  👤  2604 readers have read this article !
By mawbima 2017-04-21

උපතිස්ස පෙරේරා

ලබන මැයි මාසයේ දෙවැනි සතියේදී සිදු කිරීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝඩි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පූර්වගාමීව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ මස අවසාන සතියේදී අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා ඉන්දීය නිල සංචාරය සිදුකිරීමට සූදානමින් සිටින අතර ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි උපයෝගි කරගෙන ඉන්දු - ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම, එට්කා ගිවිසුම, ශ්‍රී ලංකාවට දුම්රිය එන්ජින් හා මැදිරි මිලට ගැනීම ඇතුළු ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අදාළ විශේෂ කරුණු ගණනාවක් ගැන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ඇතුළු බලධාරීන් සමඟ හෙතෙම එහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්