පාසල් අවට මීටර් 500ක් ඇතුළත දුම්වැටි විකිණීම තහනම්

  👤  2560 readers have read this article !
By mawbima 2017-04-21

දයා පෙරේරා

පාසල් අවට මීටර් 500ක් ඇතුළත දුම්වැටි විකිණීම තහනම් කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගනියි.
ඒ සඳහා වන කැබිනට් පත්‍රිකා කැබිනට් මණ්ඩලයට යොමුකර ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න පවසයි.
තරුණ පරපුර දුම්වැටි භාවිතයෙන් ඉවත් වෙමින් සිටින අවස්ථාවක දුම්කොළ සමාගම්වල උකුසු ඇස් පාසල් දරුවන් කෙරෙහි යොමුවී තිබෙන බවත් පාසල් අවට මීටර් 500ක් ඇතුළත දුම්වැටි විකිණීම තහනම් කිරීමෙන් දරුවන් දුම්වැටි භාවිතයට පෙලඹීමෙන් මුදා ගැනීමට හැකියාව උදාවන බවත් ඇමැතිවරයා කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්