කුණු ජාතික ප්‍රශ්නයක් වුණේ ආණ්ඩු විරෝධීන්ගේ උසි ගැන්වීම් නිසයි

  👤  2584 readers have read this article !
By mawbima 2017-04-21

රටේ කසළ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් බවට පත් වුණේ පරිසර සංවිධාන හා ආණ්ඩුවට එරෙහි දේශපාලන බලවේගවල උසි ගැන්වීම් නිසා නිසා යැයි ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන මහතා ප්‍රකාශ කරයි.

මීපේ සහ ‍ෙදාම්පේ ප්‍රදේශවල කසළ රඳවන මඟින් එම ප්‍රශ්නය විසඳීම සඳහා කොරියානු රජයෙන් රුපියල් ලක්ෂ 60,000ක ආධාර ලැබුණ නමුත් එය අතරමඟ අතහැර දමන්නට සිදුවූ බවද අනුර ප්‍රියදර්ශන මහතා ඊයේ (20දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙළේය.
එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතා.

අපි ආණ්ඩුවක් හැටියට සිදුවූ අවාසනාවන්ත සිද්ධිය පිළිබඳ වගකීම භාර ගන්නවා. නමුත් මෙතෙක් පැවැති කිසිම ආණ්ඩුවකට මේ වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. හැම දෙනාගෙම කතා චෝදනා කතන්දර අහ අහා මේ වැඩේ පස්සට දැම්මා. දැන් අපි කයි කතන්දර අහන්නෙ නැහැ. කියන දෙයක් ඕනෑ කෙනෙක් කියපුදෙන් කුණු ප්‍රශ්නය අවසන් කරලම ඒ අයට උත්තර දෙනවා. සමහර දේශපාලනඥයෝ ඉදිරියට පැනල අණ්ඩුවට චෝදනා කරනවා. මේක අලුත් ආණ්ඩුවක් පත්වෙලා අවුරුදු දෙකයි. රටේ කුණු ප්‍රශ්නය ඇතිවෙලා දැන් අවුරුදු දෙකද නැහැනෙ. අපි මේ වගකීම භාර ගන්නවා වගේම ඒ අයත් වගකීමෙන් බැහැර වෙන්න එපා.

ආපදා කළමනාකරණ පරිසරවේදීන් දැන්වූවා වර්ෂාවක් ඇති වුණොත් මීතොටමුල්ල ආපසු නාය යනවා කියලා. ඒ නාය යන ප්‍රදේශවල ජීවත්වන පිරිස් ඉන් ඉවත් කරනවා. ඔවුන්ට නිවාස ලබා දීලා එයට අවශ්‍ය බඩු මුට්ටු වෙනුවෙන් රුපියල් 2,50,000ක් දෙන්න තීරණය කරලා තිබෙනවා. මෙය ජනාධිපති, අගමැති, මුදල් ඇමැති එක්ව ගත්ත තීන්දුවක්. ඒ පැකේජය ලබාදීම තක්සේරුව අවසන් වූ වහාම සිදුකරනවා. දැනටමත් තක්සේරු නිලධාරීන් හානි වූ නිවාසවල තක්සේරුව සිදුකරමින් සිටින බවද අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කෙළේය.

පණ්ඩුක සමරසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්