ගෙදරට කියල ආපු කතාව ඇත්ත වෙන හැඩයි

  👤  2660 readers have read this article !
By mawbima 2017-04-21

පසුගිය දවස්වල මෙහේ ඇවිල්ල අපේ කට්ටියට අමතක නොවන පාඩමක් උගන්වපු නිසාම එයාලට ගෙදර ගියාට පස්සේ බෝනස් දුන්නලු. අපේම කට්ටියගෙන් ඉගෙන ගෙන අපටම ගහල ගිහිල්ල රහීම් මල්ලිල එහෙම බෝනස් ගත්ත ෆස්ට් ටයිම් වෙන්න ඇති. මොකද කියන්නෙ ඉතිං එයාලට බෝනස් හම්බවෙනවා වගේම අපේ වගේ බොරු වියදමුත් නැහැනේ. ඒ නිසා එයාලට ක්‍රිකට්වලින් ලාභත් වැඩියි. ඉතිං බෝනස් දෙන්න බැරි මොකද?

කොහොම කොහොම හරි අලුත් අවුරුද්දක් ලබපු වෙලාවෙ අලුත් ඇඳුම් ගැන කතා කරන නිසා ප්ලේයර්ස්ලගේ ඇඳුම් ගැන කියපු කතාවකුත් මතක් වුණා. ඒත් එක්කම අපේ ඇමැතිතුමා දවසක් කියපු කතාවකුත් මතක් වුණා. ඒ කියන්නේ අර මෙහෙදි පහුගිය දවස්වල තිබුණු මැචස් බලල ඇමැතිතුමා කිව්වලු අපේ කට්ටියට දුවගන්න බැහැ, බඩවල් වැඩියි කියලා. ඒ කතාව දැනගෙනම නෙවෙයි, මම දවසක් අපේ සෙලෙක්ෂන් කොමිටියෙ මහත්තයකුගෙන් ඇහැව්වා, 'ඇයි අනේ අපේ ළමයින්ගෙ බඩවල් වැඩියි වගේනේ' කියලා. එතකොට ඒ මහත්තය කිව්වෙ, 'නැහැ. ඒ බඩවල් වැඩිකම නෙවෙයි ප්ලේයර්ස්ලාට දෙන ඇඳුම් පොඩියි. ඇඟට හිරයි' කියලයි.

අනේ මන්ද කවුද හරි කියල, අපට පේන හැටිද ඇත්තටම ඇඳුම්වල වරදද කියලා? කොහොම කොහොම හරි මේ ඇඳුම් ගැන බෝඩ් එකේ කට්ටිය අවුරුද්දට කලින් කතාවුණා කියලත් ආරංචියි. බලමුකො ඉතිං තව ටික දවසකින් එංගලන්තෙට යනකොට ස්ලිම්-ෆිට් නැතිව හොඳ ඇඳුම් ලැබේවිනේ. එතකොට වැඩ පෙන්නාවිනේ. කොහොම වුණත් මේ දවස්වල අයි. පී. එල්. බලන අයට පේනවා ඇති මෙහේ ඉඳලා ගිය කට්ටිය බෝල් කරනකොට හොඳට ගුටි කනවා. ඒකත් ඇඳුමෙ අප්සෙට් එකක්ද මන්ද. ඔහොම තමයි අපිට නම් පහුගිය දවස්වල වුණේ. ළමයින්ට කියල දෙන්න ඉන්න කට්ටිය වැඩිවුණා වගෙයි පේන්නෙ.

කොහොම වුණත් ආව පෝස්ට් එකට තව තව කෑලි ජොයින් කරනකොට ඉස්සරහට මොනව වේද මන්ද? එහෙන් ලැබෙන ආරංචිවලට අනුව නම් ඒ ගුරුවරයා මෙහාට එනකොට ගෙදරට කියල ඇවිල්ල තියෙන්නෙ "තෝරන කට්ටියගෙ ලොක්කා වෙන්නෙ මමයි" කියලලු. ඒක ඇත්ත වෙන්න පුළුවන්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon