පොලිස් විරුවා පිළිබඳ මව්බිමේ හෙළිදරව්ව ජනපති අවධානයට

  👤  2901 readers have read this article !
By mawbima 2017-05-21

පණ්ඩුක සමරසේකර

පොලිස් සැරයන් ගමගේ ප්‍රේමදාස මහතා පිළිබඳව පෙරේදා (19දා) 'මව්බිම' ප්‍රධාන පුවතින් කළ හෙළිදරව්ව පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට ඍජුවම මැදිහත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පැවැසීය.

හද කම්පා කරවන එම සිදුවීම පිළිබඳව සිය ප්‍රමුඛ පුවතින් රටට හෙළි කිරීම පිළිබඳව 'මව්බිම' පුවත්පතට තම තරුණ පෙරමුණේ ප්‍රශංසාව පළ කරන බව පැවැසූ ශාන්ත බණ්ඩාර මහතා එවැනි ඉරණමකට ගොදුරු වූ අපේ රටේ රණවිරුවන් දහස් ගණනකට රට වෙනුවෙන් තමා කළ යුතුකමට අයිතිවාසිකම් දිනා ගැනීමේ මඟ පෑදෙන බව පෙරේදා (19දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කෙළේය.

එම ඛේදනීය තත්ත්වයට මුහුණපෑ පොලිස් සැරයන්වරයා මෙන්ම පුවත රටට හෙළි කළ අප ප්‍රාදේශීය මාධ්‍යවේදී අතාවුද පතිරණද ජනාධිපතිවරයාට හඳුන්වා දී ඔහුගේ සද්ක්‍රියාව අගය කරන බවද ශාන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්