මේ අවුරුද්දේ රනිල්ගෙන් රැකියා ලක්ෂ 4ක්

  👤  2821 readers have read this article !
By mawbima 2017-05-21

උපතිස්ස පෙරේරා

යහපාලන රජයේ රැකියා දස ලක්ෂයේ වැඩසටහන
යටතේ මූලාරම්භය වශයෙන් රැකියා ලක්ෂ 4කට අධික...ප්‍රමාණයක් මේ වසර අවසන් වීමට පෙර ලබාදීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනකුට උපදෙස් දී තිබේ.

ඒ අනුව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති 1800ක් සඳහා රුපියල් ලක්ෂ 100 බැගින් ලබාදෙන අතර ඉන් රුපියල් ලක්ෂ 50ක් ව්‍යාපාර ස්ථාපිත කිරීම සඳහා ආධාර මුදලක් සේ ලබාදෙනු ඇත. වැඩි වැඩියෙන් රැකියා උත්පාදන අවස්ථා ඇති ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

දේශීය ව්‍යාපාරිකයන් සහ කර්මාන්තකරුවන්ගේ ව්‍යාපාර දියුණු කර රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන් ආරම්භ කෙරෙන මේ වැඩපිළිවෙළට මේ වන විට ව්‍යාපෘති 1,200ක් ස¼දහා යෝජනා ලැබී ඇති බවත්, මීට සමගාමීව කෘෂිකාර්මික අධි කලාප 23ක් සහ ධීවර අධි කලාප 10ක් මේ වසර තුළ ආරම්භ කිරීමට රජය විධිවිධාන යොදා ඇති බවත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කරයි.

අම්පාර දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මුඩු ඉඩම් හෙක්ටයාර් 2,50,000ක භූමි ප්‍රමාණයක රබර් සහ කොකෝවා වගා කිරීමේ ව්‍යාපෘතියක් මේ වසරේදී ක්‍රියාත්මක කෙරෙන අතර එමඟින් රැකියා අවස්ථා ලක්ෂ 3ක් ස්ථාපිත කිරීමට අපේක්ෂිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්