ආණ්ඩුව ගේන්න යන භයානක පනතක් ගැන ටිල්වින් කියයි

  👤  2898 readers have read this article !
By mawbima 2017-05-21

අනුරාධා හේරත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වන භයානක පනතක් ගෙන ඒමට ආණ්ඩුවේ උත්සාහයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

රටේ ආරක්ෂාව පිළිබඳ අර්ථකථනය කළ හැකි ප්‍රවෘත්තියක් පළ කළ පසු එය ත්‍රස්තවාදයට අනුබල දීමක් ලෙස හුවා දක්වා මාධ්‍යවලට බලපෑම් කිරීමේ හැකියාවක් එකී පනත සම්මත කිරීමත් සමඟ සිදුවනු ඇති බවද සිල්වා මහතා අනතුරු ඇඟවීමක්ද කරයි.
ඒ මහතා ඉරිදා 'මව්බිම'ට පැවැසුවේ මේ වන විට උග්‍රවී ඇති ආණ්ඩුවේ අර්බුදකාරි තත්ත්වයත් සමඟ ජනතාවගෙන් එල්ල විය හැකි විරෝධතා මැඬලීමේ ආයුධයක් බවට යෝජිත පනත ආණ්ඩුව විසින් භාවිත කරනු ඇති බවයි.

තම පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ, ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තු වන ජනතාව දිගින් දිගටම ඉල්ලා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ඉල්ලීම බවත් ආණ්ඩුව වහාම ගෙන ඒමට නියමිත මේ පනත හකුළා ගත යුතු බවත් ඒ මහතා අවධාරණය කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්