අලුත් බදු පනත ආවොත් කෝටි 900ක් වතුරේ

  👤  2817 readers have read this article !
By mawbima 2017-05-21

ජානක ලියනආරච්චි

රුපියල් කෝටි 900ක් වියදම් කර සිංගප්පූරු රජයේ අධීක්ෂණය යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් සකස් කළ "අන්තර්ජාලය හරහා බදු
ගෙවීම් හා බදු කළමනාකරණ පරිගණක පද්ධතිය"
කිසිදු ප්‍රයෝජනයක් නොගෙන සම්පූර්ණයෙන්ම
ඉවත් කර...දැමීමට ඉදිරියේදී සිදුවනු ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

පසුගිය 2014 වසරේදී ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ මෘදුකාංගය වැඩිදියුණු කිරීම සඳහා පමණක් රජයට රුපියල් කෝටි 500ක පිරිවැයක් දැරීමට සිදු විය.
පුරා වසර 3ක් තිස්සේ වැඩිදියුණු කර රුපියල් කෝටි 900ක පිරිවැයක් දරා සකස් කරන ලද මෙම පරිගණක පද්ධතිය භාවිතයට නොගෙනම ඉවත් කිරීමේ අවදානම මතු වී ඇත්තේ ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත නව බදු පනත නිසාය.

කෙසේ වෙතත් බදු පනත වෙනස් වන විට ඊට අවශ්‍ය අන්තර්ජාල බදු ගෙවීම් හා කළමනාකරණ පද්ධතිය අලුතින් සකස් කර ගැනීම සඳහා ණය මුදලක් ලබා දීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල කැමැත්ත ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්