පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්

  👤  2762 readers have read this article !
By mawbima 2017-05-21

උදේනි සමන් කුමාර

ලෝක උරුම සීගිරිය පරිශ්‍රය ආශ්‍රිතව ඉදි කිරීමට යෝජනා වී තිබූ සංචාරක හෝටල් ව්‍යාපෘතියක් සඳහා අවසර ලබා නොදීම හේතුවෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා තනතුරින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව වාර්තා වේ.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සිය තනතුරින් ඉල්ලා අස්වන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයකු දිගින් දිගට බලපෑම් කරන බවද වාර්තා වෙයි.
වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයා තනතුරින් ඉවත් කොට එම තනතුරට අදාළ පිරිසට හීලෑ නිලධාරියකු පත්කොට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන මුවාවෙන් මෙරට ප්‍රමුඛ පුරාවිද්‍යා ස්මාරක පිහිටි ස්ථානවල සුපිරි හෝටල් ආරම්භ කිරීම අදාළ පිරිස්වල අරමුණ බව දැනගන්නට තිබේ.

සීගිරිය කළුදිය පොකුණ ආසන්නව පිහිටි කටාරම් සහිත ලෙන් 4ක් සංචාරක හෝටල් ව්‍යාපෘතියක් සඳහා ලබා දෙන ලෙසත් සීගිරිය බටහිර ‍ෙදාරටුවේ හෝටලයක් ඉදිකිරීමටත් ව්‍යාපාරිකයකු ආචාර්ය සෙනරත් දිසානායක මහතාගෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම මේ සම්බන්ධ ආසන්නතම සිදුවීම වී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්