බස්නාහිර ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු සෘජු තීරණයක

  👤  2847 readers have read this article !
By mawbima 2017-05-21

ඉරේෂා ද සිල්වා

බස්නාහිර පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රිවරුන් පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කොට තිබේ.ඔවුන් මේ තීරණය ගෙන තිබෙන්නේ පසුගියදා කඩවත සුමිත්‍රා ශාලාවේ පැවැති එම මන්ත්‍රි කණ්ඩායමේ විශේෂ හමුවකදීය.
බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රිවරුන් 104 දෙනකු සිටින අතර එයින් 59 දෙනෙක් ආණ්ඩු පක්ෂයේ වෙති. මේ මන්ත්‍රිවරුන්ගෙන් 42 දෙනෙක් ඍජුවම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන අය වෙති.

මේ අතර අමාත්‍යාංශ ප්‍රතිපාදන මන්ත්‍රිවරුන් වෙනුවෙන් වෙන් කිරීමේදී තම කණ්ඩායමට අසාධාරණයක් වන අයුරින් ක්‍රියාකරණ ඇමැතිවරුන් සම්බන්ධයෙන් සාමූහික තීරණයක් ගැනීමටද මේ සාකච්ඡාවේදී තීරණය කොට තිබේ.
මේ කණ්ඩායම මසකට වරක් වෙනම රැස්වී ඇතිවන තත්ත්වය ගැන සාකච්ඡා කිරීමටද තීරණය කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්