මසිත මැවෙන ‘ෂැංහයි’ චිත්‍ර, කථික, රචනා තරගයක්

  👤  3246 readers have read this article !
By mawbima 2017-05-21

ලෝකය දියුණුම නගරයක් ලෙස සැලකෙන චීනය 'ෂැංහයි' මූලික කරගෙන චිත්‍ර, කථික හා රචනා තරගයක් පැවැත්වීමට ගෝලීය සී. ඒ. එම්. ජී. (ඛ්ඒර්ට්) ජාත්‍යන්තර සමූහය, ර්ණීඵබචප ජාත්‍යන්තර මාධ්‍ය සමූහය හා ඛ්අධ් ශ්‍රී ලංකා ජ්ර් 97.9 ගුවන් විදුලිය තීරණය කොට ඇත.
මෙම තරග සඳහා අයැදුම්පත් භාර ගැනීම ජුනි 15 දක්වා සිදුවන අතර වයස අවුරුදු 10 සිට 30 දක්වා වූ තරගකරුවන් ඒ වෙනුවෙන් සහභාගි විය හැකිය.
මේ පිළිබඳ අදහස් දැක්වූ ඛ්අධ් ශ්‍රී ලංකා රේඩියෝහි ප්‍රධාන මෙහෙයුම් කළමනාකාර වං සියාඕ තුං මහතා ප්‍රකාශ කළේ ජයග්‍රාහක ජයග්‍රායිකාවන් වෙනුවෙන් ප්‍රථම ත්‍යාගය සඳහා මුදලින් රුපියල් ලක්ෂයක් ලබාදෙන බවයි.

දෙවැනි ත්‍යාගය රුපියල් 60,000කි. තුන්වැනි ත්‍යාගය මුදලින් රුපියල් 30,000කි.

"අපි වයස මට්ටම අනුව අවුරුදු 10-15 වගේම 15-19 හා 20-30 වශයෙන් කණ්ඩායම් බෙදා තිබෙනවා. මෙහි ප්‍රධාන මාතෘකාව වන්නේ 'මසිත මැවෙන ෂැංහයි' යන්නයි. පාසල් අයැදුම්කරුවන් පන්ති භාර ගුරුතුමාගේ නිර්දේශය තමන් එවන නිර්මාණයට ලබාගත යුතුමයි.
"අපි දන්නවා... මේ තරගයට සහභාගි වන බොහෝ දෙනෙක් 'ෂැංහයි' නගරය දැක නැහැ. නගරය ගැන දන්නෙත් නැහැ. ඒ නිසාම අපි ඒ හැම දෙනාටම කියනවා අන්තර්ජාලයට ගිහින් 'ෂැංහයි' කොයි වගේද කියලා බලන්න. මේ නගරය ගැන වීඩියෝ හා පින්තූර එහි ඕනෑ තරම් තිබෙනවා. එහෙම බලලා තමන්ගේ සිතට මැවෙන 'ෂැංහයි' මොන වගේද කියලා චිත්‍රයට නඟන්න... රචනා ලියන්න... කතා කරන්න.

අපි ඊට හුඟක් කැමැතියි. 'වං සියාඕ තුං' මහතා පවසයි.
"අපි මේ තරගය සංවිධානය කරන්නේ 'එක් තීරයක්... ඒත් මාවතක්' යන සංකල්පය මූලික කොටගෙනය. ඔබට මේ පිළිබඳ වැඩි විස්තර දැන ගන්න අවශ්‍ය නම් ඹඹඹ. ජපඪඵපඪතචදඬච.ජධථ වෙබ් අඩවියට පිවිසෙන්න.

'මසිත මැවෙන ෂැංහයි' දිවයින පුරා සිටින තරගකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා වැඩි විස්තර ඛ්අධ් ඉපඪ ඹ්චදඬච නමින් ඇති ෆේස් බුක් ගිනුමෙන් හා නො. 4/91 ඒ 5 පටුමඟ, තලකොටුව උද්‍යානය, පොල්හේන්ගොඩ ලිපිනයෙන් හා 0112-515589 දුරකතන අංකයෙන්ද ලබා ගත හැකිය. රචනා, චිත්‍ර, ජූලි 15දාට පෙර ලැබිය යුතු අතර කථික තරගය සඳහා ජුනි 30 වැනිදාට පෙර ඉදිරිපත් විය යුතුය. ජයග්‍රාහි චිත්‍ර, සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.

සමන් ප්‍රියංකර නම්මුනිගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්