වුණේ මොකද්ද ?දැක්කෙ මොනවද ? යකඩ යකාවත් දන්නෙ නැති තෂ්මිගෙ රහස

  👤  2853 readers have read this article !
By mawbima 2017-05-21

තෂ්මි, ඉඩ ලැබෙන හැම මොහොතකම විශේෂයෙන් වාවාගත නොහැකි දුකක් දැනෙන හැම අවස්ථාවකම රේල් පාර අද්දරට වෙලා පාර දිහා බලාන ඉන්නවා.
වෙනදා වගේම එදත් ඒ කියන්නේ පසුගිය 15 වැනිදා සුපුරුදු පරිදි රේල් පාර අද්දරට ගියා. එදා නම් වෙනදා වගේ නෙවෙයි. වාවාගත නොහැකි දුකේ උපරිමයට ගිය දවසක්.

එළුවන්කුලම අරුවක්කාඩුව හුණුගල් කොරියේ සිට පුත්තලම බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය තෂ්මි අසලින් ගියේ ඇයට තම ජීවිතය පිළිබ¼ද තීරණයක් ගැනීමට ඉඩ දෙමින්. දුම්රියට පැන දිවි නසාගත් තෂ්මිට වයස අවුරුදු 17යි.
තෂ්මිගෙ ජීවිතය යකඩ යකා බිලිගනිද්දී නොයෙක් දෙනා නොයෙකුත් කතා කිව්වා.

''පව් දෙයියනේ සීදේවි කෙළි පොඩ්ඩ. මහ ගෑනිගේ වුවමනාවටයි මරා ගත්තේ''
''ඕකිට බබෙක්වත් ලැබෙන්න ඉඳලා ලැජ්ජාවටද දන්නේ නෑ මැරුණේ''
''එක්කෝ ඕකි යාළුවෙලා හිටිය එකා කෝච්චියට තල්ලු කළාද දන්නේ නෑ.''
කිසිවක් නොදන්නාවුන්ගේ මුවින් පිටවන්නේ ඔන්න ඔය වගේ කටකතා. හරිහැටි අගක් මුලක් නොදත් කියවිලි අතරේ ඇත්ත කතාවේ සුලමුල හොයන්න. 'ඉරිදා' මව්බිම උනන්දු වුණා.

තහඩු සෙවිලි කර මැටියෙන් තනන ලද කාමර දෙකකින් යුත් කුඩා නිවෙසක්. එකම ළතෝනියක්. ඔය අතරෙයි තෂ්මිගේ පෙම්වතා අපිට මුණගැහුණේ. ඒ ප්‍රදීප් කුසුම්සිරි. වයස අවුරුදු 23යි.

''මම එයත් එක්ක යාළු වුණේ එයා අට වසරේ ඉගෙන ගනිද්දී. ගියේ මැදගම ඉස්කෝලෙකට. ඒ වෙද්දි මම කළේ පෞද්ගලික කුලී රථයක රියැදුරු රස්සාව. අපි අතරේ ආදර සබඳතාවක් ගොඩනැඟුණා. තෂ්මිට අවුරුදු 10ක් වෙද්දි එයාගෙ තාත්තා එයාවයි අම්මවයි අතෑරලා වෙන කසාදයක් කරගෙන. ඒ නිසා මම තෂ්මිවයි එයාගෙ අම්මාවයි මාදම්පේ ගෙදරක නවත්වලා මාසෙ කුලී වියදමත් ගෙවලා, ඇයට උගන්වන වැඩවලටත් සල්ලි වියදම් කළා.
කුලී ගෙදර පදිංචියට ගිහින් වසර 4ක් ගෙවුණු තැන තෂ්මි පාසල් ගමන නතර කරන්න හිතුවා. පාසල් යන්න කියලා ප්‍රදීප් ඇයට කොතරම් ඇවිටිලි කළත් ඇය නොවෙයි ඇගේ තීරණය වෙනස් කළේ.

''මගේ මහ ගෙවල් තියෙන්නේ වනාතවිල්ලුව. එළුවන්කුලමෙ. කුලී ගෙදර ටික කාලයක් හිටියට පස්සේ මේ දෙන්නාව මම මගේ මහ ගෙදර එක්ක ආවා. අපි තුන්දෙනා මාස අටක් විතර එහෙ ජීවත් වුණා. මේ වෙසක් පෝය දවසේ තෂ්මි මට කිව්වා කිරි අම්මාව බලන්න විලත්තව යන්න ඕනි කියලා. මම වැඩ කළ වාහනෙන්ම එයාව ගිහින් ඇරලුවා. ඒ වෙසක් පෝයට පහුවදා. එහෙ ගියත් එක්කම ආයෙ කතා කරලා කිව්වා මට මෙහෙ ඉන්න බෑ ඇවිත් එක්ක යන්න කියලා. මමයි එයාගේ අම්මයි ගිහින් එක්ක ආවා. අපි මෙතෙක් කලක් විවාහ නොවුණේ තෂ්මිට වයස හරියනකම් හිටියේ.''

තෂ්මිට අවුරුදු 18 සම්පූර්ණ වෙන්න තිබුණේ ගෙවුණු 17දාට. 15දා ප්‍රදීප් උදේ රැයින් අවදි වුණේ වනාතවිල්ලුව පොලිසියට යන්න. ඒ රාජකාරි අවශ්‍යතාවකට. ඒ වෙලාවෙයි ඔහුට ඇහුණේ කවදාවත් එම ස්ථානයේ නොනවත්වන කෝච්චිය. ඒ මොහොතේ නවතින හඬ ''තෂ්මිගෙ අම්මට මම කිව්වා ඒ ඇයි කියලා බලන්න කියලා.'' එවිටයි ඇය දැක්කේ රේල් පීල්ල උඩ තියෙන තෂ්මිගේ නිසල සිරුර. ඒ ප්‍රදීප්ගේ කතාව.
මේ තෂ්මිගෙ මවගේ කතාව.

මගේ කෙල්ල අදටත් ජීවත් වෙනවා ඔය තාත්තා කියන මිනිහා නැත්නම්. පලා කඩලා කඩවලට විකුණලා දුක් මහන්සි වෙලයි මම ඔය දරුවා හැදුවේ. දරුවාගේ තාත්තාට ගෑනු සියයකට වඩා ඉන්නවා. ගෙස්ට් හවුස්වලට ගෑනු විකුණනවා. දරුවන්ට මේවා ආරංචි වෙලා කලකිරීමෙන් හිටියේ.
දැන් කියවමු නිරතුරු සියල්ල ඇසින් දකින ගම්මු කියන කතාව.
''ඔය කෙල්ල යාළුවෙලා හිටි කෙල්ලා කෙල්ලට වයස මදි කියලා බැන්දෙ නෑ. කොල්ලයි, කෙල්ලගෙ අම්මයි අතරෙන් මොකක්ද අමුතු විදියේ හුටපටයක් තිබුණා. එදා ඒක කෙල්ල දැකලා තමයි කෝච්චියට පැනලා තියෙන්නේ.

කොයි කතාවද හරි කියලා හොයන්න අපිට විදියක් නැත්තේ ඇත්ත කතාව දන්න එකම සාක්ෂිකාරිය දැන් ජීවතුන් අතර නැති නිසයි. මේ අපේ වත්මත් සමාජයේ ඛේදවාචකයයි. මවුපියන්ගේ වැරැදි නිසාත් දරුවන්ගේ හිතුවක්කාරකම් නිසාත් අකාලයේ මිළින වන තරුණ ජීවිත කොයිතරම්ද? මෙවන් සැක සහිත මරණ අද කොතෙකුත් නම් සිදුවෙනවාද? තෂ්මිගෙ කතාවත් ඒ වගේ. ඉතිරිව ඇත්තේ සැක සහිත බව පමණි.

තෂ්මි කිසිදු විටෙක අනාචාරයේ නොගිය තරුණියක බව හැමගේ මුවින් පිටවෙද්දී කා දිහාට ඇඟිල්ල දික් කරන්නද? සමාජය තුළින් අකල් මරණ තුරන් කිරීමට නිසි ක්‍රමවේදයක අවශ්‍යතාව දැඩිව දැනෙන මොහොතයි මේ. දේශපාලන වේදිකාව තුළ ඇදබාන බේගල් පෙළ ගහනවාට වඩා වගකිව යුතු නිලධාරීන් විසින් මෙවැනි සිද්ධි සමාජය තුළින් තුරන් කිරීමට ජාතික වැඩපිළිවෙළක් ගැන හිතනවා නම් එය කොතරම් අගේද?

චාමිණී ගම්මන්පිල
වනාතවිල්ලුව - ප්‍රියන්කර කළුපහන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්