මහින්ද මහ ඡන්දයක් ඉල්ලයි

  👤  3593 readers have read this article !
By mawbima 2018-02-13

ඉෂාරා සිල්වා

ඔළු ගෙඩි මාරුවකට වඩා මහ මැතිවරණයකට මුහුණ දී ජනතා තීන්දුව සමඟ ඉදිරියට යෑම සුදුසු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.
මහ මැතිවරණය පැවැත්වීමට අදාළ යෝජනාව ආණ්ඩුව පාර්ශ්වයෙන් ගෙන එන්නේ නම් ඕනෑම අවස්ථාවක ඊට සහාය පළ කිරීමට සූදානම් බවද ඔහු පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වී ආණ්ඩුවක් පිහිටුවීමට කිසිදු අදහසක් නැති බවත් පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් ආණ්ඩුවේ පාර්ශ්ව දෙකම ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බව හොඳින්ම පෙනෙන්න තිබෙන බැවින් ආණ්ඩුවක් ලෙස රටේ ජනතාවගේ මතයට ඇහුම්කන් දී මහ මැතිවරණයකට යා යුතු බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඊයේ (12දා) බත්තරමුල්ල, නෙලුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා එලෙස අදහස් දැක්වීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon