එජාපය තනි ආණ්ඩුවකට ලෑස්තියි

  👤  3382 readers have read this article !
By mawbima 2018-02-13

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

"ඉදිරියේදී යම්කිසි ගැටලුවක් පැන නැඟුණහොත් එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීමේ ශක්තිය අපට තිබෙනවා"යි වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා කියයි. අමාත්‍යවරයා මේ බව පැවැසුවේ ඊයේ (12දා) අරලියගහ මැඳුරේදී එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ ජේ‍යෂ්ඨ ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ විශාල වෙනසක් කිරීමට අවශ්‍ය බව මෙම මැතිවරණයෙන් අපිට පෙන්වා දී තිබෙනවා. ආණ්ඩුව ඉදිරියට යනවා.
එම සාකච්ඡාවෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් පැමිණ සිටි පක්ෂ නායකයන් සමඟින්ද මේ පිරිස සාකච්ඡා පවත්වා තිබෙන අතර එහිදී ආණ්ඩුවේ රැඳී සිටිමින් එකට ගමනක් යෑම පිළිබඳව තීරණයකට එළැඹි බව එජාපයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම හමුවේදී එජාපයේ නායකත්වය පිළිබඳවද සාකච්ඡා කර ඇති අතර එහිදී කතානායක කරු ජයසූරිය මහතා අන්තර් නායක වශයෙන් පත් කිරීමේ යෝජනාවක්ද පැමිණ තිබේ.

කෙසේ වෙතත් ඊයේ (12දා) රාත්‍රියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබිණි. අගමැතිගේ ප්‍රධානත්වයෙන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ හමුවක්ද පැවැත්වීමට නියමිතය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon