එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය නිව්කාසල් හමුවේ මැන්චෙස්ටර් යුනයිටඩ් පරදී

  👤  3093 readers have read this article !
By mawbima 2018-02-13

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ පසුගිය සති අන්තයේ පැවැති තරගයකදී නිව්කාසල් යුනයිටඩ් කණ්ඩායම හමුවේ ප්‍රබල මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජයට පත්වූ අතර තරගයේ 65 වැනි මිනිත්තුවේදී නිව්කාසල් කණ්ඩායම වෙනුවෙන් මැට් රිචී ගෝලය වාර්තා කර තිබිණි.

එම තරගය ජය ගැනීමත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ 16 වැනි ස්ථානයේ පසුවූ නිව්කාසල් කණ්ඩායම 13 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. මේ අතර ලිවර්පූල් හමුවේ සවුත් හැම්ප්ටන් ගෝල 2-0ක් ලෙසත් ටොටෙන්හැම් හොට්ස්පර් හමුවේ ආසනල් ගෝල 1-0ක් ලෙසත් පරාජයට පත්ව තිබූ අතර එවර්ටන් හමුවේ ක්‍රිස්ටල් පැලස් ගෝල 3-1ක් ලෙසත් මැන්චෙස්ටර් සිටි හමුවේ ලෙස්ටර් සිටි ගෝල 5-1ක් ලෙසත් පරාජයට පත්ව තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon