මලයාසියාවේ ආරාධිත පිහිනුම් ශූරතාවලියට ලංකාවෙන් සියයකට ආසන්න කණ්ඩායමක්

  👤  3370 readers have read this article !
By mawbima 2018-02-13

විචිත්‍ර වීරසිංහ

මාර්තු මස 15දා සිට 18දා දක්වා මලයාසියාවේදී පැවැත්වෙන ආරාධිත වයස් සීමා පිහිනුම් ශූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමේ තරග පසුගියදා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වුණු අතර, 100කට ආසන්න ක්‍රීඩක-ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් එම ශූරතාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ.

අවුරුදු 11-12, 13-14, 15-17 යන වයස් කාණ්ඩ යටතේ මලයාසියාවේ බුකිට් ජලීල්හිදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයෙන් වැඩිම පිරිසක් සහභාගි වන්නේ අවුරුදු 11-12 වයස් කාණ්ඩය යටතේ බවද පැවැසේ.
කෙසේ වෙතත් අකලංක පීරිස් මෙම තරගාවලිය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඔහුගෙන් පදක්කම් කිහිපයක බලාපොරොත්තුවක් ඇති බවද දැනගන්නට ඇත.

ඡායාරූපය _
අකිල ජයවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon