චෝදනා අසත්‍ය බව ජනතාව ඔප්පු කළා

  👤  3920 readers have read this article !
By mawbima 2018-02-14

රාජපක්ෂවරුන්ට එල්ල කර තිබෙන සියලුම චෝදනා අසත්‍ය බව රටේ ජනමතයෙන් ඉතා හොඳින් පැහැදිලි වන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඇතුළු රාජපක්ෂවරුන්ට බොරු චෝදනා එල්ල කරමින්, මඩ ප්‍රහාර එල්ල කරමින් දිගින් දිගටම සිදුකරන ලද දේශපාලන පළිගැනීම්වලට එරෙහිව ලක්ෂ 50කට ආසන්න ජනකායක් ආණ්ඩුවට මතක සිටින පාඩමක් උගන්වා ඇති බවද ඔහු පෙන්වා දෙයි.
කොතරම් දේශපාලන පළිගැනීම් සිදුකළද මේ රට සහ ජනතාව වෙනුවෙන් රාජපක්ෂවරුන් පෙනී සිටින බවත් දේශපාලන පළිගැනීම්වලට එරෙහිව ඉදිරියේදී නීතියෙන් කටයුතු කරන බවත් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon