විගණකාධිපතිට ඒකාබද්ධයෙන් විශ්වාසභංගයක්

  👤  3526 readers have read this article !
By mawbima 2018-02-14

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආසන්නව තිබියදී මාධ්‍ය හමුවක් පවත්වමින් රාජ්‍ය ණය සම්බන්ධයෙන් අසත්‍ය අදහස් දක්වමින් සමාජය මුළා කිරීමට උත්සාහ කළ රජයේ විගණකාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ විගණකාධිපතිවරයාගේ මෙම අදහස් දැක්වීම හේතුවෙන් ප්‍රාග්ධන වෙළෙඳපොළ අවුල් වී ඇති බවයි.

අගමැති, පාර්ලිමේන්තුව, විගණකාධිපති හා ශ්‍රී ලංකා මහ බැංකුව යන සියලුම පිරිස් එක්වී මෙම බොරුව සමාජගත කිරීමට යෑම නිසා ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාව නිරුවත් වී ඇති බවත් මේ වසරේ ඇති වන මූල්‍ය කඩා වැටීමෙන් කිසිවකුට රට බේරා ගැනීමට නොහැකි වන තත්ත්වයක් ඇති වන බවත් ඔහු පැවැසීය.
මන්ත්‍රිවරයා මේ සඳහන කළේ ඊයේ (13දා) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon