උදයංග ගේන්න ගිය පිරිස ආපසු ඇවිත්

  👤  4065 readers have read this article !
By mawbima 2018-02-14

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා රැගෙන ඒමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව ගිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරියා ඇතුළු රාජ්‍ය නිලධාරීන් කණ්ඩායම ඊයේ (13දා) ආපසු මෙරටට පැමිණ තිබේ.

ඩුබායි ගුවන් තොටුපොළේදී ජාත්‍යන්තර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පැවැසු උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ නියෝජිත කණ්ඩායමක් ඉකුත් 8දා අවස්ථා දෙකකදී ඩුබායි බලා පිටත්ව ගියහ.

රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී මතුවූ ගැටලු හේතුවෙන් උදයංග වීරතුංග මහතා එම නියෝජිත කණ්ඩායමට මෙරටට රැගෙන ඒමට නොහැකි වී ඇති බවද පොලිස් මූලස්ථාන ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් "මව්බිම" කළ විමසුමකදී පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon