විදෙස් සංචාරකයන් 2,46,972ක් ජනවාරි මාසයේ මෙරටට ඇවිත්

  👤  3399 readers have read this article !
By mawbima 2018-02-14

උදයන්ති මුණසිංහ

පසුගිය ජනවාරි මාසය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව දෙලක්ෂ හතළිස් හයදහස් නවසිය හැත්තෑ දෙකක් (2,46,972) බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මඟින් නිකුත් කළ නවතම සංඛ්‍යා සටහන්වලට අනුව මෙය 2017 වසරේ ජනවාරි මාසයේ මෙරටට පැමිණි 219,306ක් වූ සංචාරකයන් ප්‍රමාණය හා සැසඳීමේදී 12.6%ක ඉහළ යෑමකි.
ජනවාරි මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්දියානුවන් වන අතර එම ප්‍රමාණය 43,643කි. එය 2017 ජනවාරි මාසය හා සැසඳීමේදී 40%ක වර්ධනයක් බව එම අධිකාරිය පෙන්වා දෙයි.

එම මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි චීන සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 22කින් පහළ ගොස් තිබෙන අතර එම ප්‍රමාණය 24,819කි.
ජර්මන් සංචාරකයන්ගේ පැමිණීම 14,985 දක්වා සියයට 20කින්ද, ප්‍රංශ සංචාරකයන්ගේ පැමිණීම 12,209 දක්වා සියයට 14.5කින්ද පසුගිය ජනවාරි මාසය තුළදී වැඩි වී තිබෙන බවද එම අධිකාරිය සඳහන් කරයි.

ජනවාරි මාසය තුළදී බටහිර යුරෝපා රටවලින් පැමිණ ඇති සංචාරකයන් ගණන 83,324කි. එය සියයට 14.9ක වර්ධනයක් බවද එම අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon