72 හැවිරිදි වයෝවෘද්ධයෙක් නොකළ වරදකට පොලිස් කූඩුවේ
අනුරාධපුර _ මහේෂ් විජේසූරිය
ඉපලෝගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සිය පුත්‍රයා සමඟින් තිබෙන පෞද්ගලික අමනාපකමක් හේතුවෙන් නිවෙසේ වැට ආසන්නයේ පිහිටි පොල් ගසක් මුලට බෝම්බ දෙකක් ගෙනැවිත් දමා අසනීප කිහිපයකින් පීඩා විඳින සිය වයෝවෘද්ධ සැමියා නිකරුණේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීම් කළත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ උසස් පොලිස් නිලධාරීන් මුනිවත රකිමින් සිටින බව ඔහුගේ බිරිය හැඬු කඳුළෙන් පැවැසුවාය.
ඉපලෝගම පොලිස් වසමේ ශාන්තගම, කුංචිකුලමේ පදිංචි රාජ්‍ය විශ්‍රාමික සේවකයකු වන 72 හැවිරිදි පස්දරු පියකුවූ ලොකු රාලගේ ඇක්මන් මහතා ඉපලෝගම පොලිසිය මඟින් බෝම්බ සිද්ධියකට පටලවා පසුගිය වසරේ දෙසැම්බර් මස 29 වැනිදා අත්අඩංගුවට ගත්බව ඥාතීහු පැවැසූහ. හෘදයාබාධයකින්, අධිරුධිර පීඩනයෙන් හා රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑමේ රෝගය හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ පීඩා විඳින ඔහු දැඩි මානසික කම්පනයකින් සිරමැදිරියේ කල්ගෙවන බව බිරිය පැවැසුවාය.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකයකු වශයෙන් සේවය කර විශ්‍රාම ලබා සිටින ඒ මහතා වසර 72ක කාලය තුළදී කිසිදු විනය විරෝධී ක්‍රියාවකට ආයතන මට්ටමින් හෝ වෙනත් ආකාරයකින් චෝදනා ලබා නැති බවද වාර්තා විය.
ජීවිතයේ අවසන් සමයේ සිය සැමියා කිසි දිනෙක සිදුනොකළ බරපතළ ගණයේ අපරාධයකට අසුකර අධිකරණයට අසත්‍ය කරුණු වාර්තා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කිරීම පිළිබඳව දැඩි කනස්සලට පත්වී සිටින ඔහුගේ බිරිය වන බී.ටී. සීලවතී (64) මහත්මිය ඉපලෝගම පොලිසියේ ස්ථානාධිපතිවරයා හා අනුරාධපුර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරීන් සිදු කරන අසාධාරණය පිළිබඳව සිය අප්‍රසාදය පළ කළාය.
සිදුකළ හා සිදු කරන අසාධාරණය පිළිබඳව අදහස් දැක්වූ ඇය,
"ඉපලෝගම පොලිසියේ ස්ථානාධිපතිවරයා හා ඔහුගේ තවත් නිලධාරියකු එකතු වෙලා තමයි මේ පහත් ක්‍රියාව සිදු කළේ. අසරණ තත්ත්වයෙන් පසුවන සැමියාට එල්ල කළ බොරු චෝදනාවට සාධාරණයක් ඉටු කරලා දෙන්න කියලා පොලිස් කොමිසමට, අගමැතිතුමාට, සාගල රත්නායක ඇමැතිතුමාට, මානව හිමිකම් කොමිසමට අපි ලිඛිතව පැමිණිලි කළා. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට කියලා අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් ඇවිල්ලා පරීක්ෂණ කළා. නමුත් ප්‍රතිඵල නෑ.
පසුගිය වසරේ දෙසැම්බර් මාසේ 29 වැනිදා අපි දෙන්නා නිදාගෙන ඉද්දි රාත්‍රි දහයට විතර ඉපලෝගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් දහයක් විතර ඇවිල්ලා කිව්වා ගෙදර ටී-56 ගිනි අවියකුයි, පතොරම් හා පිස්තෝල තියෙනවා කියලා ඇමතුමක් ලැබිලා තියෙනවා ඒක පරීක්ෂා කරන්න ආවේ කියලා.
මහත්තයා ඇහුවා ගෙදර සෝදිසි කරන්න සෝදිසි වරෙන්තුවක් තියෙනවාද කියලා. නමුත් එහෙම එකක් පොලිසියේ මහත්වරු අතේ තිබ්බේ නෑ. ඔවුන් පැය දෙකක් විතර වත්ත සෝදිසි කරලා යන්න හදනකොටම ඕ.අයි.සී. මහත්තයාට කෝල් එකක් ආවා. පොල් පැළය ළඟ බෝම්බ තියෙනවා කියලා කවුරු හරි කිව්වා. අපිට ඒක ඇහුණා.
ඊට පස්සේ එතැන පරීක්ෂා කරලා කුණු රොඩු අස්සේ තිබිලා හොඳටම මලකඩ කාපු බෝම්බ දෙකක් එළියට ගත්තා. අලුත්ම ෂොපින් බෑග් තුනක ඒක දාලා තිබ්බේ. අඟල් හයක් පොළොව යට තිබුණා කියලා තමයි අධිකරණයට සඳහන් කළේ. එහෙම නම් ඒ බෑග් අලුත් පැහැයක් ගන්න බෑ. අනික ඒ දවස් ටිකේ මේ පැත්තට වැස්සා. අඟල් හයක් යටින් තිබ්බ බෑග්වල මඩ ටිකක්වත් තැවරෙන්න එපැයි.
මලකඩ කාපු බෝම්බ දෙකක් ගෙනැල්ලා වත්තේ වළ දාගන්න ඕන නෑ. අනික මහත්තයා බෝම්බවලින් කාට ගහන්නද? මෙච්චර පරණ බෝම්බ දෙකක් වත්තේ තිබුණත් අපේ වත්තේ ආයුධයි, රත්තරනුයි වළදාලා තියෙනවා කියලා 2017 අප්‍රේල් මාසේ 13 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකාය මැෂින් දාලා පරීක්ෂා කළා. (මෙටල් ඩිටෙක්ටර්) අඩි අටක් පොළොව යට තියෙන දේවල් මැෂිමට අහුවෙනවා කිව්වා.
එහෙනම් අඟල් හයක් යට තිබ්බ බෝම්බ දෙක එදා අහුවුණේ නැත්තේ ඇයි? මේක පොලිසියේ නිර්මාණයක්. බෝම්බ හම්බ වුණාට පස්සේ පුතාව දීපන් කියලා කිව්වා. පුතාව දෙන්න පුතා ගෙදර හිටියේ නෑ. පුතාගේ බෝම්බ තාත්තගේ වත්තේ වළදාන්න ඕන නෑනේ කියලා අපි පොලිසියට කිව්වා. පොලිසියට මේ බෝම්බ දෙක පුතාගේ වත්තේ වළදාන්න විදියක් නෑ එයාගේ නිවෙසේ කැමරා හයිකරලා තියෙන නිසා. නමුත් පුතාව පටලගන්න තමයි මේ පහත් වැඩේ කළේ.
ස්ථානාධිපති උදවු කරන හිච්චා කියලා කසිප්පු ජාවාරම්කාරයෙක් මේ පැත්තේ ඉන්නවා. ඒ මිනිහා කසිප්පු පෙරන්න වත්ත ඉල්ලුවා. මහත්තයා කිව්වා ඒවට මගේ ඉඩක් නෑ කියලා. ඊට පස්සේ දෙන්නා එකතු වෙලා මේ උගුල ඇටෙව්වා. හිච්චා වත්තේ ඉඳලා පැනලා යනවත් මිනිස්සු දැකලා තියෙනවා. අපි කිව්වා බෝම්බ අත්අඩංගුවට ගත්ත වෙලේ බෝම්බවල ඇඟිලි සලකුණු ගන්න කියලා. ඇඟිලි සලකුණු ගත්තේ නෑ. අපි කිව්වා පොලිස් බල්ලො දාන්න කියලා. දැම්මේ නෑ.
ලොකු නිලධාරීන්ට කිව්වට වැඩක් නෑ. පරීක්ෂණ පවත්වලා වාර්තා යට ගහගන්නවා. ලොකු මහත්වරු හම්බ වෙන්න ගියාම උඹලා පාතාලේ කියලා කෑ ගහනවා. ඕ.අයි.සී. කියනවා උඹලට පුළුවන් දෙයක් කරපල්ලා මම පොලිස්පතිගේ ඥාතියෙක්, මාව මෙතැනින් හොලවන්න තොපිට බෑ කියලා. පීඩාකාරී අවි පනතේදී සැකකරුවකු අත්අඩංගුවට ගන්න ක්‍රමවේදය මුළුමනින්ම උල්ලංඝනය කරලා තමයි මගේ මහත්තයා බොරුවට අත්අඩංගුවට අරගෙන හිරකරලා තියෙන්නේ" යනුවෙන් ඇය හඬමින් පැවැසුවාය.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි තිළිණ ප්‍රියංකර හේවාපතිරණ මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවැසුවේය.
"මේ සිද්ධිය සම්බන්ධයෙන් තාම පරීක්ෂණ සිදුකරන නිසා මට ප්‍රකාශ දෙන්න බෑ. අපි පරීක්ෂණයක් පැවැත්වුවා. ඒකේ අවසන් ප්‍රතිඵල මට තවම ලැබිලා නෑ" යනුවෙන් ඒ මහතා පැවැසුවේය.
විනෝදාත්මක
අද මව්බිමෙන්
- මෙය මාගේ අවසන් කමිටු රැස්වීම විය හැකියි 🕔2018-06-13
- 48 දෙනකුගෙන් සමන්විත කමිටුවක් උතුරු නැඟෙනහිර සංවර්ධනයට 🕔2018-06-13
- අර්ජුන මහේන්ද්‍රන් ඉතා සංවිධානාත්මකව භාණ්ඩාගාරයට යා යුතු රාජ්‍ය මුදල් තම බෑනාගේ සමාගමට ඇදගැනීමට චේතනාන්විතවම ක්‍රියා කරලා 🕔2018-06-13
- ප්‍රසන්න රණතුංග මහතා කාර්යාලය තුළට පැමිණියා නම් ඒ සියල්ල රහසිගතව 🕔2018-06-13
- කටහඬ පිරික්සීම සඳහා විත්තිකරු ශානිල්ට රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නැයි නියෝග 🕔2018-06-13
- 25 ලේලියට ලිංගික අතවර කළේ යැයි රක්ෂිතයේ සිටි 57 හැවිරිදි මාමාට ඇප 🕔2018-06-13
- ගම්මැද්දේගොඩ පියසිරි හිමි ඝාතනය ගැන චෝදනා ලැබූ විත්තිකරුවන් නිෙදාස් කොට නිදහස් කරයි 🕔2018-06-13
- පුත්තලමේ පුංචි යුද්ධයක් 🕔2018-06-13
- වක්‍ර බදු අඩු කිරීම විශාල අභියෝගයක් 🕔2018-06-13
- පාතාල මර්දනය වේගවත් කරන්නැයි පොලිස් නිලධාරීන්ට උපදෙස් 🕔2018-06-13
- ඇමැති උපදෙස් මත ළමා ශ්‍රමිකයන් සොයා වැටලීම් 🕔2018-06-13
- ඊමේල් හරහා එන බැංකු ගිණුම් සම්බන්ධ පණිවුඩ ගැන පරිස්සමෙන් 🕔2018-06-13
- යාපනයේ යක්ෂ බියක් 🕔2018-06-13
- කිලිනොච්චියේ තරුණයාගේ මළ සිරුර ගෙන ඒමට තිස්දාහක් අරන් 🕔2018-06-13
- මැතිව්ස් හදිසියේම ගෙදර එයි ! 🕔2018-06-13
- පිරිමි යුගල ශූරතාව ශ්‍රී ලංකාවට 🕔2018-06-13
- පළාත් සංචිත අඩපණ වෙයි 🕔2018-06-13
- ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී නව වාර්තා 48ක් 🕔2018-06-13
- සමස්ත ලංකා පාසල් මේස පන්දු තරගාවලියේ 14න් පහළ ‘ඩී’ කාණ්ඩයේ ශූරතාව ගල්කිස්සට 🕔2018-06-13
- 17 වැනි ජාතික කනිෂ්ඨ කැරම් තරගාවලියේදී වැඩි ගෞරව මහාමායා බාලිකාවන්ට 🕔2018-06-13
- ජනතාවට ද්‍රෝහී වන සියල්ලන්ට අපේ ආණ්ඩුවක් යටතේ දඬුවම් දෙනවා 🕔2018-06-13
- අපේ ජනතාව ඡන්දය දෙන්නේ සිරිකොතෙන් කියන කෙනාටයි 🕔2018-06-13
- ඒකාබද්ධ විපක්ෂය දෙකඩ කිරීමට රනිල්-මෛත්‍රි දවල් හීන දකිනවා 🕔2018-06-13
- රට උකස් කර ගිනි පොලියට ණය අරන් අගමැති රනිල් ලෝක වාර්තාවක් තියලා 🕔2018-06-13
- සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අපේ ආර්ථිකයට අහිතකරයි 🕔2018-06-13
- අවුරුදු 67ක් තිස්සේ බැළමෙහෙවර කළ නිවෙසේ දර මඩුවට දමා අපා දුක් විඳිමින් සිටි 75 හැවිරිදි කත බේරාගෙන 🕔2018-06-13
- දස හැවිරිදි පුතු සමඟ අබලන් ගෙයක ජීවත් වන සමුද්‍රා උදවු පතයි 🕔2018-06-13
- මහජනයා නොසිතූ දුෂ්කරතාවන්ට ලක් කරන තැපැල් වර්ජනය 🕔2018-06-13
- මණ්ඩලේ 86 ට 🕔2018-06-13
- රටේ ප්‍රශ්න වෙනුවට තමන්ගේ ප්‍රශ්න විසඳගන්නවා 🕔2018-06-13
- හින්දු කටයුතුවලට මුස්ලිම් ඇමැති කෙනෙක්: ක්‍රිස්තියානි කටයුතුවලට බෞද්ධයෙක් 🕔2018-06-13
- ශිිවාජිලිංගම්ට සංහිඳියාව අරහං 🕔2018-06-13
- ස්වාමිනාදන්ගේ යෝජනාවෙන් කැබිනට් එක ඇවිලෙයි 🕔2018-06-13
- තැපැල් වර්ජනය දිඟටම 🕔2018-06-13
- විශේෂඥ වෛද්‍යවරු දැඩි තීන්දුවක 🕔2018-06-13
- විසඳුම් අපිම සොයා ගන්නම්: යාපනය ජනතාව සේනාධිරාජාව එළවයි 🕔2018-06-13
- පරිපාලන සේවා නිලධාරින්ගේ මල්ල කරේ 🕔2018-06-13
- උඩපළාත ප්‍රා.සභාවේ ගෝරියක් 🕔2018-06-13
- භූමිතෙල් ලීටරය රු. 70ට දීමට කැබිනට් අනුමැතිය 🕔2018-06-13
- ලක්ෂ 50 මංකොල්ලයේ සැකකරුවකු හා වාහනයක් අත්අඩංගුවට 🕔2018-06-13
- මූලික කරුණු 20ක් ගැන 16 කණ්ඩායම අද සාකච්ඡා 🕔2018-06-13
- සමෘද්ධිය ලබන පවුල් ලක්ෂ 14ට තවත් ලක්ෂ 11/2ක් එක්වෙයි 🕔2018-06-13
- ඔක්ටේන් 95 සහ සුපර් ඩීසල් වෙනුවට යුරෝ-4 🕔2018-06-13
- ජනපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වුණු රැයත් මට සාමාන්‍ය රාත්‍රියක්ම වුණා 🕔2018-06-13
- ලංවිම ඉන්ජිනේරු වැඩවැරුම අත්හිටුවයි 🕔2018-06-13
- සරත් කුමාර ගුණරත්න ඇතුළු විත්තිකරුවන් හය දෙනාට ඇප 🕔2018-06-13
- උල් ආයුධයකින් ඇන තුවාල කළ රූපවාහිනි නිවේදකයා රිමාන්ඩ් 🕔2018-06-13
- දකුණ බිලිගත් ඉන්ෆ්ලුවන්සා වයිරසය ගම්පහටත් ඇතුළු වෙයි 🕔2018-06-13
- අන්තරේ භික්ෂු බල මණ්ඩලය විරෝධතාවක 🕔2018-06-13
- ගුවන් සේවා සමාගමේ නව උප සභාපති කපිතාන් මිලින්ද රත්නායක 🕔2018-06-13
- හිටපු ජනපති ගුවනින් මත්තලට 🕔2018-06-13
- හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්නට එරෙහි සාක්කි අනාවරණය වුවහොත් අත්අඩංගුවට ගන්නවා 🕔2018-06-13
- ඛනිජ තෙල් සංස්ථාවෙන් දුම්රියට රුපියල් කෝටි තිස්දෙකක පොල්ලක් 🕔2018-06-13
- සාධාරණ මිලකට පොහොර අලෙවි කරන්න රජය පොරොන්දු වුණා 🕔2018-06-13
- කටාර් සිට ගෙනා 'ලක්ෂ දාහතේ ගමන් මල්ල' අත්අඩංගුවේ 🕔2018-06-13
- රාජගිරිය ගුවන් පාලමේ අනතුරුදායක තත්ත්වයක් නෑ 🕔2018-06-13
- දෙදෙනකු විශ්‍රාම වැටුප් ක්‍රමය හදාරන්න ඇමෙරිකාවට යවලා 🕔2018-06-13
- ඉන්ජිනේරු පාඨමාලා ආයතනය වසා දැමීමෙන් සිසුන් දහසක් අපහසුවේ 🕔2018-06-13
- සිංහරාජේ සිටින අලි දෙදෙනා ඉවත් කරන්නට සැරසෙනවා 🕔2018-06-13
- මැතිවරණයට ගත් මුදල් ගැන ගැටලු මතුවන්නේ ඇමැතිවරුන් ප්රචාරක වියදම් සීමා කිරීමේ පනත ලාච්චුවේ දාගෙන සිටියදීය 🕔2018-06-13
- හත් වැනි චූදිතයා සම්බන්ධයෙන් නඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද? නැද්ද? 🕔2018-06-13
- ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයත් නොදන්නා අලුත් ව්‍යවස්ථාවක් 🕔2018-06-13
- විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ගන්නා දේශපාලනඥයන් ජනතා අධිකරණයට රැගෙන යා යුතුයි 🕔2018-06-13
- අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා 🕔2018-06-13
- රාජපක්ෂ ආණ්ඩුව හා මුස්ලිම් ප්‍රජාව අතර භේද ඇති කළේ දෙස්-විදෙස් බලවේගයි 🕔2018-06-13