කෘෂි විද්‍යා පීඨ සංකීර්ණයක් ඉල්ලා සබරගමු සරසවි සිසුහු විරෝධතාවක

  👤  3035 readers have read this article !
By mawbima 2018-02-16

සවනි ශේශාධි

කෘෂි විද්‍යා පීඨ සංකීර්ණයක් වහාම ලබා දෙන ලෙස බල කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ සිසුන් පෙරේදා (14දා) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී සංකේත සත්‍යග්‍රහයක නිරත විය.
කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසල සිට පා ගමනින් පැමිණි පිරිස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් බිම වාඩි වී සිට විරෝධය පළ කළහ.

වසර 17කට පෙර කෘෂි විද්‍යා පීඨයක් සබරගමුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත කෙරුණද අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය සුබසාධන ගැටලු තවමත් නොවිසඳී ඇතැයි සිසුහු චෝදනා කරති. විරෝධතාව අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපති මනෝජ් රණසිංහ පැවැසුවේ මෙවැන්නකි.

බොරලන්දේ තිබුණු කෘෂි විද්‍යා පීඨය සබරගමුව මවු පරිශ්‍රයට ගෙනැත් මේ වෙද්දී වසර 17ක්, මේ කාලය ඇතුළත පීඨයට අදාළව පීඨ සංකීර්ණයක් ඉදිකරන්න විශ්වවිද්‍යාල පරිපාලනයවත් පාලකයෝවත් සමත් වෙලා නැහැ. මේ වෙද්දී කාන්තා නේවාසිකාගාරයක් සහ ඊට අනුබද්ධව ඉදිකළ තවත් ගොඩනැඟිල්ලක තමයි කෘෂි විද්‍යා පීඨයේ දේශන පවත්වන්නේ. තුන්සියයකට අධික පිරිසක් වසර 17ක් තිස්සේ කාන්තා නේවාසිකාගාරයකට වෙලා දේශනවලට සම්බන්ධ වෙනවා. නේවාසිකාගාර ගැටලු, ආපන ශාලා ගැටලු, පුස්තකාල ගැටලු ආදී ගැටලු බොහෝමයක් නිසා ශිෂ්‍යයෝ දැවැන්ත අර්බුධයකට මුහුණපාලා ඉන්නවා. වසර ගණනාවක් තිස්සේ ලිපි ලිව්වට කිසිදු සාධනීය මැදිහත්වීමක් සිදුවුණේ නැහැ. පන්ති වර්ජනයක් සහිතව මේ විරෝධතාවට ශිෂ්‍යයෝ සම්බන්ධ වෙන්නේ ඒ නිසා. තවදුරටත් ශිෂ්‍යයෝ පීඩනයට පත් කරන්නේ නැතිව කෘෂි විද්‍යා පීඨ සංකීර්ණය ස්ථාපිත කළ යුතුයි. සුබසාධන ගැටලු සියල්ල විසඳනකම් ඒ වෙනුවෙන් දැවැන්ත ක්‍රියාමාර්ගවලට යොමුවෙන්න පසුබට වෙන්නේ නැහැ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon