ග්‍රෑන්ඩ්පාස් ගොඩනැඟිල්ල හදිසියේ කඩා වැටීමේ සිද්ධියට මගේ මල්ලිව සැක කරනවා

  👤  3495 readers have read this article !
By mawbima 2018-02-16

උපතිස්ස පෙරේරා

කොළඹ, ග්‍රෑන්ඩ්පාස්හි බබාපුල්ලේ මාවතේ කුළුබඩු හා තේ අපනයන කරන සමාගමක පැරැණි ගොඩනැඟිල්ලක් පෙරේදා (14දා) පස්වරුවේ හදිසියේ කඩා වැටී තම බාප්පා ඇතුළු සත් දෙනකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තම සහෝදරයා සැක කරන බව එම ආයතනය හිමිකරුගේ සොහොයුරාගේ දියණිය කොළඹ හදිසි මරණ පරීක්‍ෂක අධිකරණයේදී ප්‍රකාශ කළාය.

එම ප්‍රදේශයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් මේ ගොඩනැඟිල්ල කඩා වැටීමේ සිද්ධියෙන් මරුමුවට පත් ඇඩම්ස් එක්ස්පෝට් ආයතනයේ ව්‍යාපාර හවුල්කරු හා කළමනාකාර අධ්‍යක්‍ෂ නාහීර් තුවාන් ගුලාම් හුසේන් නමැති 51 හැවිරිදි ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් කොළඹ හදිසි මරණ පරීක්‍ෂක මොහමඩ් අෂ්රොෆ් රූමි මහතා හමුවේ සාක්‍ෂි දුන් මරණකරුගේ ඥාති දියණියක වන ෆරීඩා ෂබීර් මහත්මිය එසේ පැවැසුවාය.
මේ ගොඩනැඟිල්ල කඩා වැටෙන අවස්ථාවේ එහි හිමිකරු ඇතුළු සේවක සේවිකාවන් 9 දෙනකු සේවයේ යෙදී සිටි අතර දෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.

දෙදරු පියකු වන ගුලාම් හුසේන් මහතා සමඟ බඹරපාන, දියබෝකඳුරේ පදිංචිව සිටි ‍ෙදාරේ රාජා ලලිතා (41) මතුගම එල්ලවන් රාජේස්වරි (46) ග්‍රෑන්ඩ්පාස්හි සෙල්ලයියා චෙන්නම්බා (55) සාවුල් හට්ටනූර් නලීමා (63) මාතලේ ජයරාම් සුජීව් (42) හා සාලමුල්ල පදිංචිව සිටි ආ¾ඩිගමගේ කසුන් ධනංජය (19) යන අය මේ අනතුරෙන් මරණයට පත්වූහ.

මේ අනතුරෙන් මියගිය ගුලාන් හුසේන් තම පියාගේ සහෝදරයා (බාප්පා) බවත්, දෙදරු පියකු වන ඔහු අපනයන ව්‍යාපාරයක නිරත වන බවත්, ඇඩම්ස් එක්ස්පෝට් නමින් පවත්වාගෙන යන එම ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙසද ඔහු කටයුතු කරන බවත් ෆරීඩා ෂබීර් මහත්මිය එහිදී සාක්‍ෂි දෙමින් සඳහන් කළාය.
මේ ව්‍යාපාරයේ හවුල්කරුව සිටි තම පියා මිය යෑම නිසා එම දේපළ සම්බන්ධයෙන් දිසා අධිකරණයේ නඩුවක්ද, මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ තවත් නඩුවක්ද පවරා ඇති බවත් මේ සිද්ධියට පෙරේදා (14දා) දිනයේ තම බාප්පා නීතිඥ උපදෙස් මත ආයතනයේ සිදුව ඇති රුපියල් මිලියන 50ක මූල්‍ය වංචාවක් පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවද සඳහන් කළ සාක්කිකාරිය පියාගේ අස්සන් ව්‍යාජ ලෙස තබා මූල්‍ය වංචාව කළ තම මල්ලී මේ පිළිබඳව සැකකරන බවත්, ඔහු විසින් හිතාමතා මෙම ක්‍රියාව සිදුකර ඇතැයි තමා විශ්වාස කරන බවත් පැවැසුවාය. තම මල්ලී වන අස්හර් සබීර් තම බාප්පාගේ අස්සන ව්‍යාජ ලෙස යොදා මූල්‍ය වංචාව සිදුකළ බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ පසුව මෙම සිද්ධිය සිදුවූ බවද ඇය ප්‍රකාශ කළාය.

සාක්‍ෂිකාරියගේ නැවත ප්‍රකාශයක් ලබාගෙන රස පරීක්‍ෂක වාර්තාව හා කඩා වැටුණු ගොඩනැඟිල්ල හා යාබද ගොඩනැඟිල්ල පිළිබඳව ඉන්ජිනේරු වාර්තාවක් ලබන මස 07 වැනි දින ඉදිරිපත් කරන ලෙස හදිසි මරණ පරීක්‍ෂක මොහමඩ් අෂ්රොෆ් රූමි මහතා පොලිසියට නියෝග කළේය.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ කොස්තාපල් තෙන්නකෝන් (79115) මරදාන පොලසියේ සැරයන් ලාල් පතිරණ (27689) යන මහත්වරු සාක්‍ෂි මෙහෙය වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon