ඔලිම්පික් ඡන්දයට යන බැඩ්මින්ටන් නිලධාරීන්ටත් දකුණු පළාතෙන් දෝෂාභියෝගයක්

  👤  2962 readers have read this article !
By mawbima 2018-02-16

විචිත්‍ර වීරසිංහ

එළැඹෙන 23දා පැවැත්වීමට නියමිත ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය බැඩ්මින්ටන් සංගමයට නොමැති බව දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමයේ සභාපති හැළඹගේ වසන්ත කුමාර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් "මව්බිම"කළ විමසීමකදී වසන්ත කුමාර මහතා පැවැසුවේ මෙවැන්නකි.

"දැනට බැඩ්මින්ටන් සංගමය පාලනය කරන්නේ ක්‍රීඩා අමාත්‍යංශය විසින් තාවකාලිකව පත්කළ කමිටුවක්. ඒ කමිටුවේ ඉන්න නිශාන්ත ජයසිංහටවත්, ක්ලැරන්ස් හෝමර්ටවත් ඔලිම්පික් කමිටු නිලවරණයට ඡන්දය ප්‍රකාශ කරන්න බැහැ. හේතුව විධායක සභාවක් නොමැති නිසා මෙවැනි තීරණයක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම පළාත් සංගම්වලින් අවසර ගත යුතුයි. ඒත් ඔවුන් දෙදෙනා මේ වන තෙක්ම පළාත් සංගම් දැනුවත් කරලා මේ සඳහා අවසරය අරගෙන නැහැ. අවසරය නොගෙන ඒ අයට ඕන විදියට කරගෙන යනවා. පළාත් සංගම්වලින් අවසරය ගත්තා නම් අපෙන් කිසි ගැටලුවක් නැහැ"

"පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට යන කණ්ඩායම තෝරගන්න මේ අයට ඕන විදියට පුහුණු තරග පැවැත්වුවා. මේ අය තීරණ ගන්නේ එයාලට ඕන විදියටයි. ක්ලැරන්ස් ගෙනියන්නේ තනිකරම ඒකාධිපති පාලනයක්" යැයි පැවැසූ වසන්ත කුමාර මහතා බැඩ්මින්ටන් සංගමයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන ඔහු ක්‍රීඩා භාණ්ඩ අලෙවියට සම්බන්ධකම් පවත්වමින් මෙරට ක්‍රීඩා නීතිය උල්ලංඝනය කරන පුද්ගලයකු බවද කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon