සියලු හොරකම් ගැන අපි හොයනවා

  👤  3114 readers have read this article !
By mawbima 2018-02-16

බැඳුම්කර හොරකම අපේ කට්ටියම කරේ දාගෙන, බැඳුම්කරේ ගැන කතා කළා. ඒ බැංකු හොරා පිටරටින් ගේන්න ඕනෑ' යැයි කැබිනට් සම ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී පැවැසීය.
තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා, ඒ බැංකු හොරාට තනතුරු දෙන්න එපා කියලා තදින්ම කිව්වේ මම. බැඳුම්කර හොරකමට වඩා ඩොලර් බිලියන ගණනින් ලොකු හොරකම් සිදුවෙලා තියෙනවා. මම තමයි ඒවා ගැන පරීක්‍ෂණ කරන්නේ. ඇමැතිවරයා සඳහන් කෙළේය.
ඇමැති සේනාරත්න මහතා මෙසේද කීය.

ඉතිහාසයේ ප්‍රථම වරට පුවත්පත් කර්තෘවරයකු ඝාතනය කළා. උතුරේ මාධ්‍යවේදීන් කීයක් ඝාතනය කළාද? ආරක්‍ෂාවට මාධ්‍යවේදීන් රටින් පැනලා ගියා. මාධ්‍ය ආයතන ගිනි තිබ්බා මතක නැද්ද? 'සිරස' ගිනි තිබ්බා. ලසන්ත වික්‍රමතුංග මැරූ දවසෙ මම අයින් වෙන්න ගියා. ඒ වෙලාවේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කිව්වා මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් කරනවා කියලා.

ප්‍රශ්නය: අගමැතිතුමාට අයින් වෙන්න කියලා කියනවා නේද?
අගමැතිගෙ තීරණවල ගැටලුවක් තියෙනව කියලා මම පිළිගන්නවා.

අගමැතිවරයා පත් කරන පුද්ගලයන් එක්ක පැහැදිලිවම ආණ්ඩුව කරන්න බැහැ. මේව ඔක්කොම වෙනස් කරනවා.
මහින්ද ආණ්ඩුව ගන්නේ නැත්තේ 2019, 2020 එයා ගත්තු ණය වැඩිපුරම ගෙවන්න තියෙන නිසයි.
ප්‍රශ්නය: මේ ඡන්දෙන් ලැබුණු පරාජය භාර ගන්නවාද?

අපිට වැරැදුණ තැන් ගොඩක් තියෙනවා. සමෘද්ධිය මේ අවුරුදු තුනටම කිසි කෙනකුට වැඩිකරන්න බැරි වුණා. ජනතාවට දැනෙන අන්දමට වෙනස්කම් කරනවා.
පසුගිය පළාත් පාලන ඡන්දයේදී ජනමතයෙන් පරාජයක් ලැබිලා නෑ. ජනාධිපතිවරයාගේ ප්‍රතිශතය තවමත් තියෙනවා. නායකයා කරන්නේ පරාජය ජයග්‍රහණය කරා ගෙන යන එකයි. ඒ ඡන්දයේ ප්‍රතිඵලය අපට රතු එළියක් දැල්වූවා. අපේ ආණ්ඩුව දැනට වඩා නියම විනයකින් කටයුතු කරනවා.
මේ පක්‍ෂ දෙක එකට ගියොත් මහින්ද ජයගෙන ඇති පළාත් පාලන ආයතන අතරින් 185ක් පමණ බලය ලබාගන්න පුළුවනි.
අපේ ආණ්ඩුව ගැන මිනිසුන්ගේ යම්කිසි කලකිරීමක් තියෙනවා. නැතිනම් මේ වගේ ප්‍රතිඵලයක් එන්නේ නැහැ. ජනාධිපතිවරණයේදී ලබාගත්ත ඡන්ද ගණන තවමත් මහින්දට ලබාගන්න බැහැ කියලා මම කියනවා.

එක්සත් ජාතික පක්‍ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එකතු වුණාම බහුතරයක් තියෙනවා. ප්‍රශ්න තියෙන්නේ රටට නෙවේ. මේ පක්‍ෂ දෙකටයි. ඕන තරම් ආණ්ඩු හදන්න ආසවේවි. අවසානයේ යහපාලන ආණ්ඩුව මීට වඩා හොඳට ඉදිරියට යාවි. අපි කතිකාවතකට යන්න ඕන.
මට අවුරුදු 41ක කාලයක් මැතිවරණ පිළිබඳ අත්දැකීම් තියෙනවා. හැම මැතිවරණයකදීම එක කඳවුරකට මේ තත්ත්වය ඇතිවෙනවා. පළාත් පාලන ඡන්දයේදී සභා ගත්තම ඒ ගොල්ලන්ට වැඩියි. සභික සංඛ්‍යාව ගත්තම අපට වැඩියි.

මේ ඡන්ද ප්‍රතිඵලයෙන් මහින්ද රාජපක්‍ෂ මහත්තයට ජනාධිපති වෙන්න ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් ලැබී නැති බව පෙන්නුම් කරලා තියෙනවා. මේ ප්‍රතිඵලය අපට දුන්නු රතු එළියක්. අපිට අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න දුන්න සංඥාවක්.
ප්‍රශ්නය: අලුත් ආණ්ඩුවක් ඇති කරනවාද?

අලුත් ආණ්ඩුවක්, අලුත් කැබිනට් එකක් ගැන කතාවෙනවා. අගමැතිතුමා අයින් වෙන්න ඕන කියල කතාවකුත් තියෙනවා. මහින්ද රාජපක්‍ෂ මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන් අහල තියෙනවා ඇයි අයින් වෙන්නෙ කියලා.

මේ ආණ්ඩුවේ ඇමැති ධුර දරමින් ඇතැම් ඇමැතිවරු ආණ්ඩුවට විරුද්ධව කතා කළා. මම රජයත්, ජනාධිපතිතුමත්, අගමැතිතුමත් ආරක්‍ෂා කළා. කැබිනට් මණ්ඩලයේදී සමහර කරුණුවලදී ප්‍රහාරාත්මකව කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඒවා මගේ කාඩ් එක ගහන්න එළියට ඇවිල්ලා කිව්වේ නැහැ. අපි මේ ආණ්ඩුව ඉදිරියටත් ගෙනියනවා. කැබිනට් මණ්ඩලය මේ සතියේ තෝරලා ලබන සතියේ ප්‍රකාශ කරනවා.

මම ඇන්.ඇම්ලා, කේනමන්ලා වගේ ඇතුළේ විවේචනාත්මකව කතා කරලා එළියේ නිහඬව සිටගන්නවා. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළෙ නිහඬව ඉඳලා එළියට ඇවිල්ලා කෑගහනවා. වෙනස ඒකයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon