සිවු දරු පියකු ඝාතනය කළ විත්තිකරුවකුට මරණ දඬුවම

  👤  2926 readers have read this article !
By mawbima 2018-02-16

අහංගම -
එන්. ජී. ලියනගේ

කඩුවලින් කපා සිවුදරු පියකු ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් විත්තිකරුවන් සිවු දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව ගාල්ල පූර්වගාමී කළුතර මහාධිකරණ විනිසුරු කේ.බී.කේ. හිරිඹුරේගම මහතා විසින් ඊයේ (15දා) ගාල්ල මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කරමින් තුන්වැනි සහ හතරවැනි විත්තිකරුවන් නි‍ෙදාස් කොට නිදහස් කර දෙවැනි විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කළේය.

මෙසේ මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවේ වැලිවේරිය වර්ධනගේ ටයිටස් නමැති විත්තිකරුවකුටය.
ගාල්ල පොලිස් වසමේ බෝපෙ සපුමල් පෙදෙසේදී 1998 පෙබරවාරි 4 වැනි දින සුනිල් විජේරූප යන අයට කඩුවලින් පහරදී ඝාතනය කිරීම සහ තිලකා විජේරූප යන අයට කඩුවකින් පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් බද්දේගම ගණිතගේ නීල්, වැලිවේරිය වර්ධනගේ ටයිටස්, ඇලබඩගේ ප්‍රියන්ත, දනුෂ්ක විතාන යන විත්තිකරුවන් සිවු දෙනාට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබිණි.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර පළමුවැනි විත්තිකරු වන බද්දේගම ගණිතගේ නීල් නමැති අය මියගොස් ඇති අතර අනෙක් විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නඩු විභාගය පැවැත්විණි.

විත්තිය වෙනුවෙන් ආගමන විගමන පාලකවරයා, කනම්පිටිය භාවනා මධ්‍යස්ථානාධිපති හිමියන් සහ එම කොට්ඨාසයේ ග්‍රාම නිලධාරිවරයාද සාක්ෂියට කැඳවා තිබිණි. එදින රාත්‍රි මියගිය අය නිවෙසේ සිටියදී විත්තිකරුවන් පැමිණ කඩුවලින් පහරදී ඝාතනය කර ඇති බව පැමිණිල්ල කියා සිටියේය.
විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ නන්දසිරි ගල්ඔළුව මහතා පෙනී සිටි අතර රජයේ අධි නීතිඥ කේ.වී. ඉන්දිකා මෙනෙවිය පැමිණිල්ල මෙහෙය වූවාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon