සාගල ඇමැතිකමක් අත්හරී

  👤  3197 readers have read this article !
By mawbima 2018-02-16

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවට එ.ජා.ප. නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඊයේ (15දා) දින දැනුම් දුන්නේය.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එජාප හා එක්සත් ජාතික පෙරමුණේ නායකයන් ඇතුළු එහි මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15දා)...උදේ අරලියගහ මැඳුරේදී පැවැති විශේෂ හමුවේදී පක්ෂයේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් මේ තීරණය ගත් බවත් තවදුරටත් දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට තමා අදහස් කරන බවත් අග්‍රාමාත්‍යවරයා හමුවේ සඳහන් කර ඇත.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ මෙසේ සඳහන් කර තිබේ.
"නීතිය හා සාමය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට මගේ බලාපොරොත්තුවක් නැති බව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට දැනුම් දුන්නා. එ.ජා.ප.ය වෙනුවෙන් ඕනෑම තනතුරක් පරිත්‍යාග කිරීමට මා පසුබට නොවන අතර පක්ෂයේ යහපත වෙනුවෙන් මට කළ හැකි උපරිමය කිරීමට සූදානම්. මෙම තීරණය ගත්තේ පක්ෂය ශක්තිමත් කිරීම සඳහා මාගේ පෞද්ගලික තීරණයක් වන අතර පක්ෂයට මාගේ ඇති පක්ෂපාතීත්වය එලෙසම ශක්තිමත්ව පවතිනවා. පක්ෂ නායකත්වය ලබාදෙන ජනතාවට සේවය කළ හැකි ඕනෑම වගකීමක් නොපිරිහෙළා ඉටුකිරීමට මා සූදානම්."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon