එජාපය නැති ආණ්ඩුවකට මෛත්‍රිට සහාය දෙනවා

  👤  3001 readers have read this article !
By mawbima 2018-02-16

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී එජාපය නැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය ලබාදීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තීරණය කරති.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15දා) දහවල් කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගන්නා ලදී.

කිසිදු තනතුරක් භාර නොගෙන ආණ්ඩුවේ කොටස්කරුවන් නොවී විපක්ෂයේ සිට ආණ්ඩුව පවසාගෙන යෑමට අවශ්‍ය සහයෝගය ලබාදීමට මෙහිදී තීරණය වී ඇත.
මෙම තීරණය ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (15දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දෙන ලදී.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon