කැබිනට් සංශෝධනය අත ළඟ

  👤  3069 readers have read this article !
By mawbima 2018-02-16

ඇමැති මණ්ඩල සංශෝධනයක් මේ සතිය තුළ සිදුකර ලබන සතියේ ප්‍රකාශයට පත්කරන බව කැබිනට් තීරණ ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න පැවැසීය.
ජනාධිපතිතුමත්, අගමැතිතුමත් සමඟ මේ ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යන බවත් එසේ කිරීමේදී එක්සත් ජාතික පක්ෂය තුළත් ආණ්ඩුව තුළත් සිදුවිය යුතු වෙනස්කම් වහාම සිදුකිරීමට තීරණය වී ඇති බවත් එම වෙනස්කම් සිදුකිරීම සඳහා කමිටු පත් නොකිරීමටත් තීරණය වී ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

"ඇතුළෙ කතා කරන්න ඕන දේවල් පිටත කතා කිරීම තමයි මෙතැන ප්‍රශ්නය වෙලා තියෙන්නේ. අපේ අගමැතිතුමා නම් වෙනස් කරන්න බැහැ" යැයිද ඇමැති රාජිත සේනාරත්න අවධාරණය කළේය.

"ශ්‍රී ලනි පක්ෂයටත්, එජාපක්ෂයටත් මේ දෙගොල්ලන්ටම ආණ්ඩු පිහිටුවීමට අයිතියක් තිබෙනවා. අපේ වෑයම් මේ යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යෑම" යැයි ඇමැතිවරයා කැබිනට් තීරණ දැනුම් දුන් මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon