113ක් අපිට තියෙනවා

  👤  3263 readers have read this article !
By mawbima 2018-02-16

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රමුඛ ආණ්ඩුවක් සෑදීමට අවශ්‍ය බහුතරය තමන්ට තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි. ඒ පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඊයේ (15දා) දින දැනුම් දුන් බව එම සන්ධානය පවසයි.

අග්‍රාමාත්‍ය ධුරය හා ආණ්ඩුවේ පාලන බලය ලබාගැනීම මැයෙන් ජනාධිපතිවරයා වෙත ඊයේ (15දා) ලිපියක් යොමු කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා "පසුගිය වසර දෙකහමාරක කාලය තුළදී සම්මුතිවාදී ආණ්ඩුව තුළ ආර්ථික, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, විදේශ කටයුතු, අධිකරණය, නීතිය හා සාමය වැනි ප්‍රධාන විෂයන් පිළිබඳ වගකීම දරනු ලැබූයේ එජාපයයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ගනු ලැබූ ඇතැම් තීරණ සම්බන්ධයෙන්

ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණීමට දුෂ්කර වුවද සාමූහික වගකීමකට අප මැති ඇමැතිවරු ගරු කරන ලදී. ආර්ථික කළමනාකරණය හා යහපාලන මූලධර්මවලට පිටුපෑම ඇතුළු අපටද එකඟ විය නොහැකි දේශීයත්වය රැක ගන්නා වැඩපිළිවෙළකට යනවා වෙනුවට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තියක පිහිටා ගනු ලබන තීරණ නිසා පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය මඟින් වර්තමාන ජනමතය පිළිබිඹු කර ඇත. එම නිසා එජාපය ගත් ඡන්ද සංඛ්‍යාව මත අග්‍රාමාත්‍යවරයා තවදුරටත් එම තනතුරේ රැඳී සිටිමින් රාජ්‍ය පාලනය මෙහෙයවීම අප පක්ෂයට එකඟ විය නොහැකිය. එම නිසා පාර්ලිමේන්තුවේ බහුතරය හා විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රිවරයකු අග්‍රාමාත්‍ය ධුරයට පත්කර නව රජයක් පිහිටුවීමට අප පක්ෂය අදහස් කර ඇත. ඒ සඳහා ශ්‍රී ලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඊට අවස්ථාව ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි"යි ජනාධිපති වෙත යැවූ ලිපියේ දැක්වේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon