ජනපති ජනතාවට හිතකර තීන්දුවක් ගන්නවා

  👤  3445 readers have read this article !
By mawbima 2018-02-18

ලබන සතිය වන විට රටට ඉතාමත් හිතකර පියවරක් ජනාධිපතිවරයා විසින් ගනු ලබනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

කෙනෙක් තරහ වෙන්න පුළුවන්. මේ මගේ හිතවතෙක් මෙයා මාත් එක්ක තරහ වෙයි. මේ මගේ පක්ෂය, පක්ෂය ආරක්ෂා කරන්න ඕනා කියලා කවුරුත් සතුටු කරන්න ගන්නා තීන්දුවක් නොවන බවත්, එය රට හා රටේ ජනතාව ගැන හිතාබලා ගන්නා තීන්දුවක් පමණක් බවත් සන්ධාන මහ ලේකම්වරයා කියයි.
විවිධ අය අහනවා දැන් මොකද ආණ්ඩුවට වෙන්නෙ කියලා. ආණ්ඩුවට වෙන දේ සම්බන්ධයෙන් හොඳම තීරණය ලබන සතිය වෙන කොට දැනගන්න පුළුවන්.
සන්ධාන මහ ලේකම්වරයා ඉහත ප්‍රකාශය කළේ පෙරේදා (16දා) සීනෝර් ආයතනයේ පැවැති අඩි 55ට වඩා දිග ට්‍රෝලර් යාත්‍රා දෙකක් දියත් කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි.

ඉදිරියේදී අගමැතිවරයකුට මහජන දේපළ හොරකම් කරන්න හිතුණොත් එක් පාරක් නොව හත් පාරක් හිතලා බලන්න වෙන විදියට හොරුන්ට දඬුවම් දෙන වැඩපිළිවෙළ තුළ හිටපු ආණ්ඩුවේ හොරුන්ටත්, මේ ආණ්ඩුවේ හොරුන්ටත් අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙනවායි ඔහු මෙහිදී සහතිකයක්ද දුන්නේය.
ඉදිරියේදී ධීවර අමාත්‍යාංශයට අලුත් ඇමැතිවරයෙකුත් ලැබෙනවා යැයිද අමරවීර මහතා අනාවැකියක්ද පළ කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon