අපේ ගමේ ඡන්දෙ මහින්දගෙ ජයග්‍රහණය ගැන විදෙස් මාධ්‍ය කියපු කතා

  👤  3544 readers have read this article !
By mawbima 2018-02-18

2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳ විදෙස් මාධ්‍ය පළ කළ අදහස් මෙවර විශේෂයක් ගෙන තිබේ. දේශපාලන විවරණයකට ගිය තැන්ද සහිතව ප්‍රතිඵල විග්‍රහ කර තිබුණු පුවත්පත් හා වෙනත් මාධ්‍ය දක්වා තිබුණු අදහස් කිහිපයක් මෙසේය.
"පෙබරවාරි 10දා ශ්‍රී ලංකාවේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගත්තේ එහි පිටුපස දැවැන්ත බලවේගයක්ව නැඟී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිසාවෙනි.

එය සැබැවින්ම පසුගිය කාලයේ ඔහු වටා තිබුණු ජන බලවේගයේ වේගවත් නැඟී සිටීම සිහි කරවන්නක් විය. එසේම 2016 පැවැති මැතිවරණයෙන් ඔහු ලද පරාජය යළි නිවැරදි කළා සේ වූ ප්‍රතිඵලයක් බවත් පැවැසේ.
රාජපක්ෂ මහතාට කඳවුරු දෙකක් හා එකවර සටන් කරන්නට වී තිබිණි. රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් වූ එක්සත් ජාතික පක්ෂයත්, මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ බල කඳවුරු විය.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් මනාපය ලබා දී තිබෙන්නේ මහින්ද රාජපක්ෂගේ සෙවණැල්ල වැටුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කරවන ප්‍රබලම පක්ෂ දෙක වූ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන් වෙන්ව තරග කරන්නට තීරණය කර තිබිණි.
එහෙත් සැමදා ශ්‍රීල.නි.ප.යේ ඡන්ද දායකයන් සිටින්නේ මහින්ද රාජපක්ෂ වටා බව මෙයින් ඔප්පු කර ඇති බව පෙනෙයි. එයිනුත් සිංහල අති බහුතරය රාජපක්ෂ ළඟය. ඒ නිසාම ඔහු කියා තිබුණේ ප්‍රතිඵලය සාමකාමීව භුක්තිවිඳින ලෙසටය.

ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක නියෝජනය කරන ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ධ්ඊඒම්), ද්‍රවිඩ ජාතික සන්ධානය, දෙමළ බහුතරය වෙසෙන උතුරු පළාතේ ආසන බොහොමයක් දිනාගෙන ඇත. සෙසු දෙමළ පක්ෂ තම ශක්ති ප්‍රමාණයෙන් තැන තැන ජය ලබා ඇත.

නැඟෙනහිර පළාතේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජන සංයුතිය මිශ්‍ර වූ ඡන්ද ප්‍රදේශවලද මැතිවරණයේ උනන්දුවක් වෙනදාට වඩා දක්නට ලැබිණි.
මෙය ප්‍රථම වතාවට 20%ක් කාන්තා නියෝජනය අනිවාර්යය කළ මැතිවරණයයි. එසේම මිශ්‍ර ඡන්ද ක්‍රමයකට ඡන්දය පැවැත්වූ පළමු මැතිවරණයය.
එහෙත් ප්‍රතිඵලයෙන් පෙන්වාදී ඇති පරිදි පාලක රජයේ ප්‍රතිපත්ති හා නායක කාරකාදීන් ප්‍රතික්ෂේප කළ බවක් පෙනෙයි. එය මීට ටික කලකට උඩ ජනතාව ලබාදුන් බහුතර බලය ප්‍රතික්ෂේප කිරීමකි. වෙනස් කිරීමකි.

ඊඩඥ ඩ්ඪදඤභ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු පක්ෂය ශ්‍රී ලංකාවේ පළාත් පාලන ඉතිහාසය වෙනස් කරමින් දැවැන්ත ජයග්‍රහණයක් ලබා ඇත. එහෙත් මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තායි ප්‍රදේශයේ දෙවැනි ස්ථානය අගමැති රනිල්ගේ පක්ෂයට හිමිව තිබීමද විශේෂයකි. එහෙත් අති බහුතරය වූ දකුණේ ඡන්ද බොහොමයක් මහින්ද රාජපක්ෂටය. මෙය සැබැවින්ම පවතින රජයට එරෙහිව එල්ල කළ ජනමත විචාරණයක ප්‍රතිඵලයක් සිහිගන්වයි.

ඊඩඥ ඊඪථඥඵ ධට ධ්දඤඪච
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ අගමැති පදවිය තමන් හට යෝජනා කළහොත් එය භාර නොගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මනින් මහ මැතිවරණයක් පැවැත්වීමට යෝජනා කරන බවත් පවසයි.
ලංකාවේ පළාත් පාලන මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙකම පරාජයට පත් කරන්නට අලුත් පක්ෂයක් පෙරටු කරගත් රාජපක්ෂ මහතාට හැකි වී ඇත.
මහින්ද රාජපක්ෂ මහතා මේ ගැන සඳහන් කරමින් පවසන්නේ 2018 ජනවාරි 8දා ජනතාව කළ වැරැද්ද නිවැරැදි කර ගැනීම පිළිබඳව තමන් බොහෝම සතුටට පත්වන බවය.

එමෙන්ම මේ ප්‍රතිඵලයත් සමඟ රට තුළ බලවත් අස්ථාවර බවක් ඇති වන බැවින් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට ජනවරමක් ඉල්ලීම කළ යුතුව තිබෙන එකම දේ බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මැතිවරණයක් පවත්වා වසර හතරහමාරක් ගත වන තුරු පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ජනාධිපතිවරයාට නැත. එහෙත් පාර්ලිමේන්තුවේ පක්ෂවල එකඟතාවයෙන් එය සංශෝධනය කළ හැකි බවත් රාජපක්ෂ මහතා තවදුරටත් පවසයි.

ඕඕඛ්
ඉරිදා දිනයේ නිකුත් වූ ප්‍රතිඵලය විස්මයජනක විය. එය පාලක සභාග රජයේ ක්‍රියාකලාපයන් පරීක්ෂාවට භාජන කරන්නක් හා සමාන ප්‍රතිඵලයක් බව පෙනෙන්නට ඇත.
ප්‍රතිඵල නිකුත් වූ ආකාරය අනුව කල් තියාම හිටපු ජනාධිපතිගේ පක්ෂය ජය ගන්නා බවක් පෙනිණි. බලාපොරොත්තු නැති ආකාරයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනටත් අගමැති රනිල් වික්‍රමසිංහටත් මහත් අභියෝගාත්මක වන ප්‍රතිඵලයක් ළඟා කරදී ඇත.

ඊඩඥ ට්භචපඤඪචද
ලංකාවේ පළාත් පාලන මැතිවරණය ජනාධිපති සිරිසේනගේ රජයට අහිතකර ලෙස බලපාන ප්‍රතිඵලයක් ලබාදී ඇත.
මිශ්‍ර මැතිවරණ ක්‍රමය යටතේ පැවැති මැතිවරණයේ ප්‍රබලම මාතෘකා වූයේ බැඳුම්කර මගඩිය හා ආර්ථික අමාරුකම්වලින් ජනතාව අත්විඳි දුෂ්කරතා බලපා ඇති ආකාරයක් පෙන්නුම් කරයි.

එහෙත් ගම් මට්ටමේදී රජයට එරෙහිව පැතිරවූ විවිධ නිර්මාණාත්මක සාවද්‍ය තොරතුරුවලින් රට බෙදෙන, රට කඩන කතා ජනතාව අතරටම ගොස් ඇති බවක් තහවුරු වෙයි. ඒ අතර සිරිසේන-වික්‍රමසිංහ රජයේ ඇතැම් දුර්වල තීන්දු තීරණ රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔවුන්ටම පහර ගහන්නට භාවිත කළ ආකාරයේ ප්‍රතිඵලද ලැබී තිබේ.
ඊඩඥ ඊචථඪත ව්ඥබ
ශ්‍රීල.නි.ප.-එ.ජා.ප. සන්ධාන රජය මුහුණදුන් පළමු මැතිවරණය ජනමතය පරීක්ෂා කිරීමක් යැයි කිව හැකිය. එය රජය පාර්ශ්වයෙන් බලාපොරොත්තු වූ ආකාරයට වඩා වෙනස් වූ ප්‍රතිඵලයක් බවට පත්ව තිබේ.

රාජපක්ෂ මහතා මහා බලවේගයක්ව යළි එනු ඇතැයි හැඟෙන තරමට ප්‍රතිඵලය සිරිසේන රජයට හිසරදයක්ව ඇත.
සිරිසේන ජනාධිපතිවරයා දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ඡන්දවලටද ඇමැතුවේය. එහෙත් ඔහුට ලැබූ ප්‍රතිඵලය දැන් පැහැදිලිය. එහෙත් අනපේක්ෂිතව එ.ජා.ප.ය තැතිගත් තැනකය. එය විශාල පරිවර්තනයකට ලක් කළ යුතු යැයි කියැවෙන තැනකට වැටී ඇත.

ඊඩඥ ධ්දඤඪචද ඡ්යනපඥඵඵ
ශ්‍රී ලංකාවේ හිටපු දේශපාලනමය බලවන්තයකු වූ මහින්ද රාජපක්ෂ මහතා වසර තුනකට පසු බරපතළ දේශපාලන වෙනස්කම් ඇති කරවන ප්‍රතිඵලයක් ලංකාවේ පළාත් පාලන මැතිවරණයේදී අත්පත් කරගෙන තිබේ.
රාජපක්ෂ මහතා පැවැසුවේ ජනතාව රජයට ලබාදුන් ජන වරම ප්‍රතික්ෂේප කළ බවකි. ඉන් ජනතාව හඟවන්නේ අලුත් පාර්ලිමේන්තුවක් පිහිටුවීම සඳහා ජනතාවට බලයක් දෙන ලෙසට බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටී.

එසේම තවදුරටත් බලයේ රැඳී සිටීමට වත්මන් රජයට දැන් අයිතියක් නැති බවද කියා සිටියි. එහෙත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින් සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැර 2020ට පෙර මැතිවරණයකට යා යුතු බවත් පවසයි.
එහෙත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධාන රජය කලින් මැතිවරණයකට යෑමට කැමැත්තක් දක්වයිද යන්න සැක සහිතය. රාජපක්ෂ මහතා 2005 සිට වසර 9ක් රට කරවා ඇති අයෙකි. මෙම මැතිවරණයේ ප්‍රතිඵල දෙමළ සුළුතරයේ ජනවාර්ගික අර්බුදය විසඳීමට සකස් කෙරෙන ව්‍යවස්ථා සම්පාදනයටද බලපානු ඇති බවක් පෙනෙයි.
ඊඩඥ එචඵඩඪදඨබධද ර්ථීධඵබ

ශ්‍රී ලංකාවේ පාලක සභාග රජය කම්පනයට හා කරදරයට පත් කරමින් අලුත් පක්ෂයක් පෙරටු කොටගෙන පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පළාත් පාලන මැතිවරණයෙන් ජය ලබා ඇත.


ලැබුණු අවසන් ප්‍රතිඵලය අනුවද පෙනී යන්නේ ප්‍රතිශතයක් වශයෙන් ඔහු ඉදිරියෙන්ම සිටින බවය.
අගමැති රනිල් වික්‍රමසිංහගේ පක්ෂයට 32.63%ක ඡන්ද ප්‍රමාණයක් ලැබී ඇති අතර ජනාධිපති සිරිසේනගේ පක්ෂයට 8.94%ක් ලැබී තිබේ. මෙය ප්‍රථම වතාවට යම් තරමකට මධ්‍ය වාමාංශික පක්ෂයක් හා මධ්‍ය දක්ෂිණාංශික පක්ෂ දෙකක් එක්ව ආණ්ඩු කළ අවස්ථාවක මෙසේ පරාජයට පත්වීමකි.
එහෙත් එක්සත් ජාතික පක්ෂය කොළඹ නගර සභාවේ බලය හිමි කරගෙන ඇති අතර ප්‍රථම නගරාධිපතිනියක්ද තෝරා පත් කරගෙන වාර්තාවක් තබා ඇත.
කෙසේ වෙතත් එළැඹෙන කාලය ශ්‍රී ලංකාවට තීරණාත්මකය. අවුල් සහගත වටපිටාවකය.

එ.ජා.ප. නායක හා ඔහුගේ පක්ෂයේ ප්‍රබලයන් රැසක් කළ සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණයන්ට අනුව 2020 වන තුරු රජය ගෙන යා යුතු බවටද තීන්දු කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් මෙවර මැතිවරණ ක්‍රමය ශ්‍රී ලංකාවට අලුත් එකකි. එය එක් අතකින් සමානුපාතිකවද, සරල බහුතර ඡන්දයෙන් නියෝජනය ලැබෙන ක්‍රමයක්ද විය.
ජයග්‍රාහී රාජපක්ෂ මහතාගේ පිලෙහි අදහස වන්නේ ළඟදීම මහ මැතිවරණයක් පවත්වා ගන්නට හැකි වුවහොත් ලබාගත් ජයග්‍රහණය මේ ආකාරයෙන්ම ඉදිරියටත් පවත්වාගෙන යා හැකි බවය.
ඒඹ් බ්චලඥඥපච
ශ්‍රී ලංකාවේ පැවැති පළාත් පාලන මැතිවරණය වෙනදාට වඩා සාමකාමීව පැවැත්වුණු අතර එයින් හිටපු ප්‍රබලයකු වූ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන බලවේගය පෙරටු කරගෙන නව පක්ෂයක් පළාත් පාලනයේ වැඩිම බලය ලබාගෙන ඇත.
පක්ෂ දෙකක සභාගයක් වූ සිරිසේන ජනාධිපතිවරයාගේ හා අගමැති රනිල්ගේ පක්ෂවලට ජයග්‍රහණය ලබා දීමට ශ්‍රී ලංකාවේ ජනතාව ඉඩ දී නැත.
සාමකාමී වුවත් මැතිවරණ ක්‍රමයද වෙනස් වුවත් ජනතාවට එක්තරා ආකාරයකට දශක කිහිපයක පැවැති යුද්ධය ජයග්‍රහණය කළ මතකය තවමත් අමතකව නැති බවත් බැලූ බැල්මට ප්‍රතිඵල අනුව පෙනී යයි.

ඩ්ඪදඤභඵබචද ඊඪථඥඵ
ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම රුපියලේ අගය අවප්‍රමාණය වී තිබේ. ඩොලරයේ අගය මත රුපියලේ අගය අඩු වීමත් දිගින් දිගටම පැවැතිය වූත් යම් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යෑමටද හැකියාව තිබිණි. එහෙත් මැතිවරණ ප්‍රතිඵලය සමඟම ලංකාවේ විනිමය තත්ත්වය පිළිබඳවද අදහස් දක්වන විද්වතකු කියා සිටියේ ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලියේ ප්‍රතිවිපාකද මීට හේතු වී ඇති බවය.
කෙසේ වෙතත් කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රකාශකයන් උපුටා දක්වමින් කියා සිටින්නේ මේ පහත වැටීම 0.37%ක් වූ බවය.
ව්ඥඹඵ - 7 ඊචථඪත

සජිත් රෝහිත ලියනගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon