ගාලේ අලිත් නෑ... ගොව්වොත් නෑ...

  👤  3082 readers have read this article !
By mawbima 2018-02-18

නිවාඩු දවස නිසා ඕං උදේ පාන්දරම පිං සහ පොං මෑන්ස්ලාගේ පොඩි එවුන්ව කැටුව පොඩි සංචාරයක් ගියා. ඒ යන අතර තුරේ පින්නවල අලි අනාථාගාරයත් බලන්න ගියා.
අෑ.... බං පිං අයියේ අර අලි ටික නාවලා මොකෝ රෙදිවලින් වහගෙන ගේන්නේ....?

"දහ අලි.... දහ.... දැන්වත් කෙළින් යමං.... අනේ මන්ද. මේ නාටු අලියා මොනවට තවත් ඉන්නවාද කියලා.... හ්ම්... යමල්ලා.... යමල්ලා...."
"අෑ..... පොං අංකල්, ඇත්ගොව්වා අංකල් ඇයි අලි ලැන්වේජ් එක කියන්නේ නැත්තේ....?"
"මමත් බැලුවේ පුතේ... ගාලේ අලිත් නැහැ, ගොව්වා ළඟ භාෂාවත් නැහැ.... බලමු ටිකක් අහලා...."

"මේ ගොව්වා මාමේ.... කෝ ගාලේ අලි....?"
"මේ.... ඉන්නවා".... අලි ටික වහගෙන හිටපු රෙදි අයින් කළා."

"යකඩෝ.... මේ... කිං පැරකුම් ප්‍රමුඛ මලිග්, සාගල්, අගිල, ජෝං, රෙවි, මද්දුමේ, සජි බබා, ගබීර්, එලාන්, ටලටා, නඩේ නොවැ... කෝ අලි....?"
"අනාථාගාරේ හිටපු අලින්ට මල පැන්නා ඡන්ද ප්‍රතිඵල අහලා. උන් ගාල කඩාගෙන හිරිකොතට ගියා අලි පාටිය ගොඩදාගන්ඩ....!"
"එතකොට මේ කුතියාධිකාරයේ අලි මෙම්බර්ලා....?"

"පාක්ෂිකයෝ මේ සෙට් එක අනාථාගාරේට එව්වා රිහර්සල් කරන්ට කියලා....!" එහෙම කියපු ඇත්ගොව්වා හෙණ්ඩුව අතට ගත්තා අර පොරවල්ට දෙකක් අනින්න.
"අනේ අම්මෝ... කවුද බං අර බැරි බැරි මරගාතේ එන පොරවල් ටික...."
"මේ... පිං, අයියේ අපේ ඩිලා තුමයි, ඇස් බිසුයි, අප්පා මලෝයි නොවැ....!"
"බලහන් අහලා.... මොනවැයි ඔය කකා එන්නේ කියලා....?"
"මේ.... ඩිලෝ මොනවැයි ඔය කන්නේ.....?"

"අග්ගලා...!"
"කොහේ ගිහින්ද අප්පේ මේ....?"
"සිරීපාදේ ගියා.... නල්ලතන්නියෙන් හැරිලා ආවා...!"
"ඒ මොකෝ....?"
"කොහෙද බං ගිය අවුරුද්දේ ඉඳලා හිටියා අපේ පොරවල් සිරිපාදේ නඟින්ඩ එනකල්....!"
"ෂා.... නියමයි.... ආවාද....?"
"පිස්සුද බං.... එකෙක් ආවේ නැහැ.... ඉතින් අපි පල්ලම් බැස්සා....!"
"ඇයි ආවේ නැත්තේ....?"

"අපි වැටිච්චි වළේ උන්ට වැටෙන්න බැහැ කියලා....!" එහෙම කියපු ඩිලා කට්ටිය එක්කම අග්ගල කකා බදුලු ගියා.
"මොකද දන්නැහැ අපේ තුංමුල්ලේ මලයා, ගොං මං පිල මලයා, ගෝල්ඩන් මලයා, වාසි සහෝ තෙල් මල් පහන් හඳුන්කූරු අරගෙන.... ඔබතුමන්ලා මුන්නේෂ්වරම් යනවා වගේ පූජාවකට....?"
"මැන්ටල්ද කොල්ලෝ... අපි මේ මුද මැලනට යනවා පරණ කිංව හමුවෙන්...!"

"ඒ.... මොනවටැයි....?"
"ඇයි බං... ඒ උත්තමයා නිසානේ අපි ගොඩගියේ.... නැත්නම් ඉතින් මේ නන්නත්තාරවෙලා ඉන්න අපි ගොඩයයිද...!"
එහෙම කියපු සැට්එක පරණ කිං ගේ ෆොටෝ රාජයාට දුම් අල්ල අල්ල මුද මැලනට ගියා.
"කොක්... කොක්.... කො...ක්... ක... කෝ....!"
"ඇන්නෑවයි... මේ අපේ හොන්ඩා අයියා නොවැ... අයියා එංගපෝරිං ගලා....?"

"යපිලා යනවා කිං ගෝඩ්ගේ හෑන්ඩ්ස් ශක්තිමත් කොරන්ඩ...!"
"එන්නා අයියා... ගිය සතියේ සී බී.ස්ගේ වාහනේට නැග්ගේ පොරගේ දෑත් ශක්තිමත් කරන්ඩ....?"
"කොක්.... කොක්.... කොක්ක... කෝක්... යේම තමයි අපි එක කොටුවක ඉන්නේ නැහැ.... කුකුල් කෑම හම්බ වෙන වැඩි පැත්තට පනිනවා....!" එහෙම කියපු හොන්ඩා කෙකර ගාගෙනම මහ මන්දිරය පැත්තට ගියා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon