ජාත්‍යන්තර බලපෑම් නිසා මේ ආණ්ඩුව තව වසර 2ක් පවතිනවා

  👤  3867 readers have read this article !
By mawbima 2018-02-19

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බලපෑම් තිබෙන බැවින් වත්මන් යහපාලන ආණ්ඩුව 2020 තෙක් පවතින බවට තමා විශ්වාස කරන්නේ යැයි උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා පවසයි.

ඒ පෙරේදා යාපනයේදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට ආණ්ඩු වෙනස්වීම හා පැවැතීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර බලපෑම් පවතින බවත් කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව වෙනස් වනවාට ජාත්‍යන්තරය අකැමැති වනු ඇති බැවින් මෙම ආණ්ඩුව තවත් වසර දෙකක කාලයක් පවතිනු ඇති බවට තමා විශ්වාස කරන බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon