ආණ්ඩුවක් පිහිටුවන්න ශ්‍රීලනිපයෙන් අපට කතා කරනවා

  👤  3347 readers have read this article !
By mawbima 2018-02-19

දැන් දින හතරක සිට රටේ ආණ්ඩුවක් නැහැ. කණ්ඩායම් කීපයක් ගැහිලා ආණ්ඩුවක් හදන්න උදේ සිට මධ්‍යම රාත්‍රිය ඉක්මවන තුරු වෙර වීරිය දරනවා. පිහිටුවාගත් ආණ්ඩුවක් නැහැ.

සාකච්ඡා විතරයි දවසින් දවස රට අරාජික වෙමින් පවතිනවා. මේ පළාත් පාලන මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහට හෝ ජනාධිපති සිරිසේනට කිසිම වාසියක් අත් වී නොමැති වීම එයට හේතු වී තිබෙනවා.

දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපිට කතා කරනවා ආණ්ඩුවක් පිහිටුවමුයි කියලා. තවත් ශ්‍රී ලංකා පක්ෂයේ ඇමැතිවරු පිරිසක් සාකච්ඡා පවත්වනවා අලියගේ ආණ්ඩුවක් හදන්න. තවත් ශ්‍රී ලංකා පක්ෂයේ පිරිසක් හදනවා ආණ්ඩුවෙන් එළියට බහින්න.
මේ වෙනකොට අරලියගහ මන්දිරයෙන් මන්ත්‍රිවරුන්ට රුපියල් ලක්ෂ හය ගාණේ බෙදෙනවා. හේෂා විතානගේ මන්ත්‍රිවරයාටත් මේ මුදල් ලැබෙන්න ඇති. මේ බැංකු මංකොල්ලයේ මුදල්.

මහින්ද රාජපක්ෂ මහතා කුණු ගොඩවල්වලට කර ගහන කෙනෙක් නෙමේ. අපි ජනවරමක් නැති ආණ්ඩුවට කියන්නේ හැකි ඉක්මනට මහ මැතිවරණයක් පවත්වන්න කියලා යැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා පැවැසීය.
ඒ මහතා එසේ පැවැසුවේ ගොඩකවෙල නගරයේ පැවැති ජන හමුවක් අමතමිනි.
පසුගිය මහ මැතිවරණයෙන් අප රක්වාන ආසනය ඡන්ද 3,180කින් පරාජයට පත්වුණා. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් රක්වාන ආසනය ඡන්ද 11,500කින් ජය ගත්තා. සහාය දුන් සියලු දෙනාට මගේ ගෞරවය ප්‍රණාමය හිමිවෙනවා.

නමුත් මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වූ ඡන්ද ක්‍රමය මොංගල් ඡන්ද ක්‍රමයක්. මෙම ක්‍රමය ගෙනාවේ ජනාධිපති සිරිසේනගේ හා රනිල්ගේ ජයග්‍රහණය තහවුරු ගැනීම හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජය කිරීමේ අරමුණ ඇතිව මිස වෙන අරමුණක් ඇතිව නොවේ.
වසර තුනක් අපි බලාගෙන හිටියේ මැතිවරණයක් ලබාදෙන අයුරු. ඒ ලැබුණු වතාවේ ජනතාව අගමැතිවරයාගේ හා ජනාධිපති සිරිසේනගේ කන් අඩිය කීන් ගාන්න සැලැකුවා.

මේ ප්‍රතිඵලය අද එක්සත් ජාතික පක්ෂය ලබා ගත්තා නම් රක්වාන කොට්ඨාසයේ මැරයෝ අහිංසකයන්ට පහර දෙනවා. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. පක්ෂ විපක්ෂ සියලු දෙනා ගොඩකවෙල නගරයට කැඳවලා එම පිරිසට කිරිබත්වලින් අපි සංග්‍රහ පවත්වනවා.
නමුත් අපේ නොහැකියාව කියලා කවර අයකු හෝ හිතනවා නම් ඒක වැරැදියි. මෙවර දිනලා තියෙන්නේ පොහොට්ටුවේ අපි කියලා විතරක් හිතේ තබාගෙන ඉදිරියේ වැඩ කරන්න කියලා ඒ අයට මා මතක් කර දෙනවා.

රටේ සමස්ත ජයග්‍රහණයෙන් සියයට හතළිස් හයක ප්‍රතිශතයක් ලබාගෙන පොහොට්ටුව ජයග්‍රහණය ලබා ගත්තා. ඒක මතක තියා ගත්තොත් හොඳයි. සමහර එක්සත් ජාතික පක්ෂයේ මැරයන්ට හිතෙයි තවත් අගමැති අපේ මිනිහනේ වරෙව් පාරට බැහැලා පාට් එකක් දාන්න කියලා.
හොඳට මතක තියා ගන්න රනිල්ගේ දේශපාලන ජීවිතය අද නතර වේවිද හෙට නතර වේවිද කියන්න බැහැ. බොහෝ දුරට දින කීපයකින් එය සිදු වේවි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon